ඇමරිකාවෙන් එන හැමදේටම එරෙහිවන මෝඩකමක්වත් කුහකකමක් වත් අපට නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකු වන උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.
ඔහු එබව සඳහන් කලේ ඇමරිකානු 'මිලේනියම් චැලෙන්ජ්' ආධාර සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් හෙවත් MCC ගිවිසුම 2019 ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබු අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි දේශපාලනඥයෝ මෙම ගිවිසුම "ඇමෙරිකානු මර උගුලක්" ලෙස හඳුන්වමින් ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ මාතෘකාවක් ලෙස භාවිත කළහ.
MCC ගිවිසුමට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසයක් ද ආරම්භ කළ අතර, එම ගිවිසුම් අධ්‍යයනය කිරීමකින් තොරව අත්සන් නොකරන බවට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස පොරොන්දු වීමෙන් අනතුරුව එම උපවාසය අත් හරින ලදි.
ඇමරිකානු MCC ගිවිසුම සම්බන්ධයෙන් ගම්මන්පිල මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ සමයේ සිදුකළ ප්‍රකාශ හා පසුගිය සෙනසුරාද (දෙසැ 07) මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ සසදමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් පහත පළවේ.
දැන් MCC හොඳයි කියන්නේ...
මේ අතර, බීබීසී සිංහල සේවය MCC ගිවිසුමට විරුද්ධව උපවාසයක නිරත වූ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ අදහස් විමසීමට ලක්කර තිබිණ.
එහිදී උන් වහන්සේ ප්‍රකාශ කළේ, "ඒ ගිවිසුම අත්සන් කළොත් ඇති වන බලපෑම් ගැන අධ්‍යයනය කරන්න ඒ අවස්ථාවේ කාලයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ රට වෙනුවෙන් කළ යුතු හොඳම දේ තමයි මම කළේ. මට දේශපාලන පක්ෂයක් නැති නිසා මට ඒකේ දිගටම රැඳිලා ඉන්න වෙලාවක් නෑ. ඒ නිසා මගේ යුතුකම මම කරල ඉවර කළා. ඒත් රටට අනර්ථයක් වෙනවා ද කියලා අපි විමසිල්ලෙන් ඉන්නේ," යනුවෙනි.
MCC ගිවිසුමේ වැදගත්කම:
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් සැපයීමට නියමිතය.
"විදේශ රටවලින් ශ්‍රී ලංකාවට එන එක ඩොලරයක් පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැන් වැදගත්. ඒ නිසා ඔහුට තීරණය කරන්න වෙනවා ඒ ඩොලර් කොහොම ද ගෙන්න ගන්නේ කියලා. චීනයෙන් ගත්තොත් ලොකු පොළියක් මත තමයි ණය ගන්න වෙන්නේ," ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.
මෙම ආධාරය මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා ගැනීම අතිශය වැදගත් බව ඩබ් ඒ විජේවර්ධන පෙන්වා දෙයි. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට පළමු වාරිකයේදී අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලැබෙනු ඇත. ණය වාරික පියවීම සඳහා එම ඩොලර් භාවිත කිරීමට රජයට අවස්ථාව හිමි වේ.
මෙය වැදගත් වන්නේ, ඉදිරි වසර 5ක කාලය මෙරට වැඩි ම ණය වාරික ගෙවීමට සිදුවන කාල පරිච්ඡේදය බවට පත්වන හෙයිනි.
අත්සන් කරන්නෙම නැහැ - විමල් දැඩි තිරණයක!
කෙසේ වෙතත්, සංවර්ධන සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ නොවැම්බර් 25දා ප්‍රකාශ කළේ, මිලේනියම් චැලේන්ජ් ගිවිසුම මේ රජය යටතේ අත්සන් නොකර බවය.
"මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම අත්සන් කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි ඒ ප්‍රශ්නය ජය අරන් තියෙන්නේ." ඔහු අවධාරණය කර සිටියේය.
සබැඳි පුවත් :
MCC ගිවිසුම: අත්සන් කරන්නේ නෑ - විමල්; යළි සලකා බලනවා - කෙහෙළිය; අපි විරුද්ධයි - එජාප
‘MCC ගිවිසුම ලංකාවේ ක්‍රියාත්මක කරනවා' -ඇමරිකාව කියයි (VIDEO)
ජනපති ගෝඨාභය මුහුණදෙන පළමු අභියෝගය : ඇමරිකානු MCC ආධාරය ගන්නවද? නැද්ද?
MCC ගිවිසුම වාසියි -'සුද්ද සිංහලෙන් පැහැදිලි නොකිරීම ආණ්ඩුවේ වරදක්' - ආර්ථික විද්‍යාඥයෝ කියති







