ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනතාවාදී වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හැකි වන පාර්ලිමේන්තුවක් පත් කිරීමට

මේ රටේ ජනතාව කටයුතු කළ යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක කමිටු සාමාජික ආචාර්ය ජගත් චන්‍ද්‍රවංශ පවසයි.

ඇමති විමල් විරවංශගේ මෙහෙයවීම මත පවත්වාගෙන යන Lanka Lead News අඩවියේ පලවී ඇති සංවාදයක එබව සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් ආචාර්ය ජගත් චන්‍ද්‍රවංශ තවදුරටත් මෙසේද කියා සිටියි.

''මම සිතනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මේ රටේ තීරණාත්මක මැතිවරණයක් කියලා. ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිතුමාගේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමට හැකි වන පාර්ලිමේන්තුවක් පත් කිරීමට මේ රටේ ජනතාව කටයුතු කළ යුතු වෙනවා. එම නිසා සෑම පක්‍ෂ නායකයෙකුගෙන්ම සහ සෑම ලේකම්වරයකුගෙන්ම අපි කරන ආයාචනය තමයි මේ රට පිළිබඳ ඉදිරි දැක්මක් තිබෙන අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන්න කියන එක.

දැන් සමහරුන් කියනවා උගතුන් පාර්ලිමේන්තුවට අරින්න කියලා. ඇත්තටම උගතුන් කවුද කියන එක තේරීම අපහසු කටයුත්තක්. අද වන විට උපාධියකින් උගතුන් තෝරන්න බැහැ. අපි අවම වශයෙන් පසුගිය අවුරුදු 10 ක පමණ කාලය තුළදී ක්‍රියාවෙන් යමක් කරල පෙන්නපු බුද්ධිමතුන් තමයි අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කළ යුත්තේ.

 

ජාතිහිතෛෂී, දේශ හිතෛෂී පිරිස් :

ඒ වගේම ජාතිහිතෛෂී, දේශ හිතෛෂී මේ රට පිළිබඳව කැක්කුමක් තිබෙන බුද්ධිමතුන් තමයි අපි මීළඟ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ඇරිය යුත්තේ. ඒ සඳහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස අපට කළ හැකි දේ කිරීමට අපි කටයුතු කරනවා.

අවම වශයෙන් අපේ කඳවුරෙන් හෝ එබඳු අපේක්‍ෂකයන් ඉදිරිපත් කළ යුතුයි. ඔවුන්ගේ ජයග්‍රහණය තුළින් ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කළ යුතුයි. ඒ තුළින් තමයි ජනාධිපතිතුමා අපේක්‍ෂා කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකි වෙන්නේ.''

 

තනතුරු නොගෙන මැතිවරණ සටනට !

New Project 3මේ අතර ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට ගෙන ඒමට දායක වූ විද්වතුන් විශාල පිරිසක් මේ අවස්ථාවේදී ආණ්ඩුවේ තනතුරු හා වරප්‍රසාද නොගෙන මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත.

ඒ, මීළඟ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බලාපොරොත්තු වන්නේ නම්, රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා ඉදිරිපත් නොවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔවුනට පසුගියදා කළ දැනුම් දීමක් අනුවය.

දේශපාලන ආරංචිමාර්ග අනුව නීතිඥ දිලිත් ජයවීර හා නීතිඥ චමින්ද්‍රි සපරමාදු ගාල්ල දිස්ත්‍රීක්කයෙන් ද මහාචාර්ය චන්න ජයසුමන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ ලලිත් පියුම් පෙරේරා සහ මහාචාර්ය සුදන්ත ලියනගේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද, රියර් අද්මිරාල් සරත් වීරසේකර අම්පාර දිස්ත්‍රික්කයෙන්ද, ආචාර්ය චරිත හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද ශර්මිලා ගෝනවල හා දමිත වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රීක්කයෙන් ද ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට දැනටමත් තීන්දු කර ඇතැයි පැවසේ.

සබැඳි පුවත් :

ඇමතිවරු පරන පාරේ යන්න ගිය ගමනක් ජනපති අනින් නවතී! (VIDEO)

චරිත හේරත් ලේක්හවුසිය බාර නොගෙන කුරුණෑගලින් මහ ඡන්දයට!

මහ ඡන්දය : සෑම දිස්ත්‍රීකයකටම 'වියත්මඟ' දෙදෙනෙක්! - ජනාධිපතිට හයිය දෙන්න තරුණ ජාලයක්!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්