95 වෙනි ඔස්කාර්ස් සම්මාන උළලේදී මෙවර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට Everything Everywhere All At Once චිත්‍රපටය සමත් විය.



2023 ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන 07ක් සමඟින් Everything Everywhere All At Once චිත්‍රපටිය පෙරමුණ ගැනීම සුවිශේෂී කරුණකි.

 

eeaao

හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය, හොඳම සංස්කරණය සහ හොඳම මුල් තිර රචනය යන සම්මාන හත දිනාගැනීමට Everything Everywhere All At Once චිත්‍රපටය සමත් විය.

 

හොඳම නිලියට හිමි සම්මානය දිනා ගැනීමට Everything Everywhere All At Once චිත්‍රපටයේ රංගනයෙන් එක්වූ මිෂෙල් යෝහ් (Michelle Yeoh) සමත් වූ අතර, එම ඔස්කාර් සම්මානයට හිමිකම් කියූ පළමු ආසියානු කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වූවාය.

 

brendan fraser best actor oscar the whale 031223 346f7aa1c2904ebbba7a95c6a27c425c

මේ අතර හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට "The Whale" චිත්‍රපටයේ රංගනයෙන් දායකවූ Brendan Fraser සමත්විය.

මේ අතර තෙලිගු චිත්‍රපටයක් වන "RRR හි නාටු නාටු ගීතය" හොඳම ගීතයට හිමි ඔස්කාර්ස් සම්මානය දිනා ගනු ලැබිය.

 



95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවති අතර ඇමෙරිකානු ප්‍රහසන ශිල්පියෙකු වන ජිමී කිමෙල් විසින් සම්මාන උළෙල මෙහෙයවනු ලැබිය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්