හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්දයෙන් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මතයි.

නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරමින් රිය අනතුරක් සිදු කිරීම හා රිය අනතුරක් සිදුකර ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් හිටපු ඇමතිවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

තමන්ට එරෙහි චෝදනා ගැන පාඨලී මල්වතු මහ නාහිමියන්ටත් පවසයි 

ජාතික හෙළ උරුමයේ නායක පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයා අද(18) උදෑසන මහනුවර මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක තමන්ට එරෙහිව සිදුකෙරෙන දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් දැනුම්දී සිටියේය.

අනතුරුව ඔහු පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියන්ද බැහැ දුටුවේය.

අනතුරුව මාධ්‍ය වෙතට අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පැවසුයේ, තමන්ගේ දේශපාලන ගමන නතර කිරීම සඳහා ඇතැම් පිරිස් විවිධ මඩ ප්‍රහාර එල්ලකරමින් සිටින බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු පවසා සිටියේ, ජනමාධ්‍ය පාවිච්චි කරමින් චරිත ඝාතනය කිරීමට ගෙන යන වැඩපිළිවෙල හා නීතිය අවනීතිය බවට පත් කර සිදු කරනු ලබන මෙම ක්‍රියාවලිය තුළ බොරු සාක්ෂි සකස් කර හැකිනම් සිරගත කර දේශපාලන ගමන් මඟ නැවැත් වීමට ගන්නා උත්සහය ගැන මහනාහිමිවරු දැනුවත් කර බවයි.

“දරුවෙක් යට කර ගෙන ගියා“ යනුවෙන් පැවසුවත් සැබවින්ම සිදුව ඇත්තේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පැයට කිලෝමීටර 15 ක වේගයෙන් ගිය වාහනයක පිටුපස වැදීමක් බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, එයින් කවුද අනතුර සිදු කළේ යන්න පැහැදිලි වී ඇතැයි ද පැවසීය.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට රස පරීක්ෂණ වාර්තාවක් ලබා දුන් බවත් පසුව අධිකරණය මේ ගැන නඩු වාර ගණනාවක් පවත්වා විමර්ශනය කර පසුව තමාව මෙයින් නිදහස් කර අදාළ රියදුරුවරයාට දඩයක් පවරා මෙම නඩුව අවසන් කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, මෙම නඩුව නැවත ආරම්භ කර ඇත්තේ කෙසේ දැයි කියා සිටියේය.

මෙහි අරමුණ වී ඇත්තේ රියදුරුවරයා බිය වද්දා සාක්ෂි වෙනස් කර තමා අත්අඩංගුවට ගෙන කටයුතු කිරීම බවද පැවසු හිටපු ඇමතිවරයා, කුමන පරීක්ෂණයක් සිදුකලත් එය ගැටළුවක් නොවන බවත් එය නීතියානුකූලව කළ යුතු බවත් පැවසීය.

1576659176 Patali L

දේශපාලන පලිගැනිම් කරන්නේ නැහැ -නාමල් කියයි

මේ අතර වීරකැටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුයේ, දේශපාලන වාසි ලබා ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන භාවිතා කිරීමට වත්මන් රජය සූදානම් නොමැති බවයි.

තම පක්ෂය බලයට පත්වූයේ දේශපාලන පලිගැනිම් සිදු කිරිමට නොවන බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය.


සබැඳි පුවත් :

රාජගිරියේ රිය අනතුර: ''චම්පික හෝ රියදුරු සැකකරුවන් ලෙස නම් කර නැහැ'' - මහේස්ත්‍රාත්වරිය කියයි

හිටපු ඇමති චම්පිකගේ රියදුරුගේ බිරිඳ, දරුවා හා දෙමාපියන් අත්අඩංගුවට!

''ජාතික නායකයෙක් ලෙස මතුවෙමින් සිටින්නේ චම්පික'' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ (VIDEO)

චම්පිකට එරෙහිව මෙහෙයුම් ඇරඹේ : 2016 රිය අනතුරු නඩුව නැවත කරළියට (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්