ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ, ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන

ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) අවසර ලබාදුන්නේය.

මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව අදාල සමාගම් වලින් දැනටමත් ආනයනය කර තිබෙන ඖෂධ තොග පිළිබඳ අදාළ ලේඛන ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර එහි නිසි ප්‍රමිතියක් පවතින බවට තහවුරු හොත් පමණක් ඒවා මුදා හැරීමට හැකියාව තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේය.

ඊට අමතරව ආනයනය කිරීමට නියමිත ඖෂධ තොග වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවශ්‍ය තහවුරු කරගැනීමක් කරගන්නා තුරු ඒවා වැඩිදුර ආනයනය කිරීම වලක්වාලීමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 18 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දිය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව පෙත්සම්කාර සංවිධානය කියා සිටියි.

මෙවැනි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවටත් චෝදනා කර තිබේ.


සබැඳි පුවත් :


සෞඛ්‍ය සේවාව හදිසි අපදාමය තත්වයක !

'සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටී මරණයක් දෙකක් වෙනතුරු බලාගෙන ඉන්න නරුමයින් ඉන්නවා' - කෙහෙළිය

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්