රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස නාමමාත්‍රීකව පත්කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනයින් පවා කුඩම්මාගේ සැලකුම් ලබමින් සිටියදී

අධ්‍යාපන හා ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, තරුණ කටයුතු සම්බන්ධයෙන් ඔහුට හිමි ආයතන හයක බලතල ශ්‍රීලනිප ජාතික සංවිධායක තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකට පවරා තිබේ.

මෙම පවරාදීම සිදුකර ඇත්තේ දෙසැම්බර් 18 දින අංක 2154/10 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ය.

එම ගැසට් පත්‍රයට අනුව පහත සඳහන් රජයේ ආයතන තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යටතට පත්කර ඇත.

- ජාතික තරුණ සේවා සභාව,
- ජාතික යොවුන් සේනාංකය,
- ජාතික යෞවන තිළිණ ප්‍රදාන අධිකාරිය,
- සී/ස ජාතික තරුණ සේවා සමුපකාරය,
- නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය හා
- ස්මාර්ට් ශ්‍රී ලංකා ආයතනය

ඒ අනුව ජාතික තරුණ සේවා පනත, යොවුන් සේනාංක පනත හා ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත යන අණපනත් ක්‍රියාත්මක කිරීමේ බලය රාජ්‍ය ඇමති දුමින්ද දිසානායකට පවරා ඇත.

(මුලාශ්‍රය -anidda.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්