2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවකට ඇප ලබාදෙන්නේද නැද්ද යන තීන්දුව අද (දෙසැම්බර් 24දා) අධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 

මෙම රිය අනතුර සම්බන්ධයෙන් යලි විමර්ශනයක් ආරම්භකර ඇති කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) පසුගිය සෙනසුරාදා දිනයේ වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල ගෙන් ද දීර්ඝ කටඋත්තරයක් ලබාගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය රජයේ කිසිවකුගෙන් තමාට කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් එල්ල නොවූ බවත්, අධිකරණයේ නියමය මත මිරිහාන පොලිසියෙන් ලබාදුන් CCTV  කැමරා වාර්තා හා මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාදුන් තාක්ෂණික වාර්තා නිසියාකාරයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇතයි වාර්තාවේ.

පූජිත් ජයසුන්දර ගෙනුත් ප්‍රකාශයක් ගැනීමට යයි :

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන, අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ගෙන් ද මෙම රිය අනතුරට අදාළ සිදුවීම්  සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී ඇත.

ඒ අනුව මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා කාලසීමාව තුළ බන්ධනාගාරය තුළදී අදාළ ප්‍රකාශ සටහන් කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ, දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නමද අනාවරණ වී ඇත. 

ඒ අනුව මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා කාලසීමාව තුළ හිටපු පොලිස්පතිවරයාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත මෙම අවසරය හිමිව තිබේ.

නීතිපති දප්පුල ජනපතිගේ කීමටවත් එකඟ වුණේ නෑ! – වාසු 

මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර පැවසුයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතිපති දප්පුල ලිවේරා අමතා එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට නොගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය ද නීතිපතිවරයා එයට ද එකඟ නොවූ බවයි. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු ජනාධිපතිවරයා විසින් එවැනි ඉල්ලීමක් කිරීමට තරම් ප්‍රබලයකු අත්අඩංගුවට ගත්තේ නම් ඒ පාඨලී චම්පික රණවක බව  emanisa.lk වාර්තා කර තිබිණ.


ඊයේ සත්‍යග්‍රහයක් !
69744073 10157000297550186 7073268102321930240 o
අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ඇමති චම්පික රණවක වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරියේ සත්‍යග්‍රහයක් පැවැත්වින.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් බොහෝ දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටියහ.

සත්‍යග්‍රහය අවසාන භාගයේ දී ඔවුන් පන්දම් පත්තු කරමින් සිය විරෝධතාවය පල කරන ලදී.


සබැඳි පුවත් :
චම්පික අත්අඩංගුවට ගැනීම: ''නීතිපතිවරයා ජනපතිගේ කීමට එකඟ වුණේ නෑ'' – වාසු
චම්පිකට ඇප දෙනවද? නැද්ද? තීන්දුව 24 : නීතිය අවභාවිතා කරන්නේ කව්ද ? නීතිඥයින් විමසයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්