ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය

හිමිවූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරයි.

මෙරට ආයෝජන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී අද (26) පස්වරුවේ පැවැත්වුණි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසිය.

"ආයෝජන මණ්ඩලය කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ සඳහා ආයෝජකයින් සොයමින් ඉන්නේ ළඟදී නිකුත් කළ විශේෂඥ කමිටු වාර්තාව මගින් ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අනුමැතිය ලබාදි තිබෙනවා. ඒ සඳහා අපි ආයෝජකයින් හා විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ළඟදීම අප එය අත්හදා බැලීම ආරම්භ කරනවා. ඒ සඳහා අපට ප්‍රදේශයක් තෝරාගත යුතු වනවා. එය බොහෝවිට කලාපයක් වෙයි. විදේශ විනිමය වැඩියෙන් ගෙනෙන අප එය ආයෝජකයන් කිහිපදෙනෙකු සමග ආරම්භ කිරීමට අදහස් කරනවා. ඔවුන් කංසා වැවීම පමණක් නොවෙයි අවම නිෂ්පාදනයන් සැකසිය යුතුයි. එයයි රටට ආදායමක් වන්නේ. එය සිදුකරන ආකාරය සාකච්ඡා කරමින් සිටින්නේ. මොකද නීති සකස් කළ පසු මතභේදයක් පැවතිය යුතු නැහැ. කමිටු වාර්තාව අනුව අපට ඒ සඳහා එය සිදුකරන ආකාරය ගැන කැබිනට් පත්‍රිකාවක් අවශ්‍යයි."

මන්ත්‍රීවරුන්ගේ යෝජනාව

රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගතකර අපනයන කිරීම හරහා රට ණය බරින් නිදහස්කර ගත හැකි බව විවිධ මන්ත්‍රීවරුන්‌ මීට පෙර පවසා ඇත. ඔවුන් අවධාරණයකර සිටින්නේ ඒ හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට අවස්ථාව පවතින බව යි.

තේ, රබර්, පොල් වැනි වාණිජ බෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ මීට පෙර පැවති අවකාශය අහිමිව ඇති වටපිටාවක් තුළ, ස්වභාව ධර්මයෙන් ලබා දී ඇති කංසා වගාව නීතිගතකර අපනයනයට මෙය කදිම අවස්ථාවක් බව ද ඔවුන් පවසති.

තව ද, කංසා අපනයනයෙන් ආදායම් ලබන ලොව අනෙකුත් රටවල් පිළිබඳව මෙන්ම, අනාගතයේ දී කංසා අපනයනය නිසා ලැබෙනු ඇති වාසි පුරෝකථනය කරන දත්ත ද ඉදිරිපත් කරමින් එම මන්ත්‍රීවරුන් පවසන්නේ කංසා වාණිජ බෝගයක් ලෙස වගාකර අපනයනය කළහොත්, තවදුරටත් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් මූල්‍යාධාර ඉල්ලා සිටීමට අවශ්‍ය නොවන බව යි.

rttrt

"අපේ රටට ඩොලර් බිලියන ගාණක විදේශ විනිමයක් ගෙන ඒමට පුළුවන්. අපි කාගෙවත් ළඟට හිඟා කන්න යන්න ඕන නෑ. කාගෙවත් ළඟට දෙකට නැමෙන්න යන්න ඕන නෑ. අපිට මේ කියන IMF ලෝන් ගන්න යන්න ඕන නෑ. ස්වභාව ධර්මය දීල තියෙන මේ සම්පත පාවිච්චි කරලා, නීතිගත කරලා, රාජ්‍ය අනුග්‍රහයෙන් මේක අපනයනය කරලා විදේශ විනිමය උපයාගත යුතු යි," සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසිය.

ලෝකයේ කංසා යොදා ගනිමින් විවිධ නිෂ්පාදන සිදු කරන බව වැඩිදුරටත් සඳහන් කළ ඇය, එලෙස නිෂ්පාදනය කළ රූපලාවන්‍ය ක්‍රීම් වර්ග, දත් බෙහෙත්, දත් බුරුසු වැනි දේ ජනතාවට පෙන්වීම සඳහා රැගෙන ආව ද සභාව තුළට ගෙන ඒමට අවසර නොලැබුණු බව කියා සිටියා ය.

රාජ්‍ය අනුග්‍රය ඇතිව කංසා වගාවක් ලෙස නීතිගතකර අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් රට තුළට ගෙන ඒම සඳහා ඇති එකම බාධකය බ්‍රිතාන්‍ය යුගයේ පනවන ලද ආඥා පනත බවත්, එය අහෝසි කළ යුතුව ඇති බවත් මන්ත්‍රීවරිය අවධාරණය කළා ය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්