ආන්දෝලයට තුඩුදී ඇති නිර්වින්දනය ඖෂධයක් වන ‘බුපිවකේන්’ නමැති ඖෂධය භාවිතයෙන් ඉවත් කළ බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.


ඉන්දියාවෙන් ආනයනය කළ මෙම ඖෂධය භාවිත කිරීමෙන් පසුව රෝගීන් දෙදෙනකු මියගිය බවට වාර්තාවීමෙන් පසුව මෙම පියවර ගත් බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මෙම ‘බුපිවකේන්’ නමැති ඖෂධය දීමෙන් පසුව කාන්තාවන් දෙදෙනකු මියගිය බවට පසුගියදා වාර්තා විය.

පේරාදෙනිය ශික්ෂණ රෝහලේ මාස කිහිපයක් ඇතුලත මිය ගිය රෝගීන් දෙදෙනාටම අදාල ඖෂධ සංකූලතාවය ඇති කල ඖෂධය බියුපිවැකේන් නැමති නිර්වින්දන ඖෂධයකි.

පසුගිය මාර්තු 4 වන දින මිය ගිය පළමු රෝගියා ගර්භනීට මවක් වන අතර, විදුහල්පතිනියක් වන දෙවන රෝගියා හර්නියා සැත්කමක් සදහා ඇතුලත් කල අයෙකු වේ. නිර්වින්දන සංකූලතාවයක් හේතුවෙන් පසුගිය 16 වනදා මිය ගොස් ඇත.


ලියාපදිංචිය නිසි කලට ලබා නොදීම, හිතුමතේට බාල ඖෂධ ගෙන්වීමේ වරෙන්තුවක් කරගෙන


ඖෂධ නියාමන අධිකාරිය තුල ලියාපදිංචියට ඉදිරිපත් කල ලිපිගොණු තුන් දහසක් පමණ කිසිදු ප්‍රතිචාරයක් නොමැතිව ගොඩ ගසා දමා ඇති අතර, ඇතැම් ලිපි ගොණු වසර පහකටත් වඩා ප්‍රමාද වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් පවසයි.

ඔහු සඳහන් කළ පරිදි ඖෂධ නියාමන අධිකාරියේ සහ ඖෂධ තත්වපාළණ රසායනාගාරයේ ඖෂධවේදීන් විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, අවම වශයෙන් වෘත්තීයවේදීන්ගේ 126ක් සේවය කල යුතු නියාමාන අධිකාරියේ, දැනට ඉතිරිව ඇත්තේ ඉතා කණිෂ්ඨ වෘත්තිකයින්  37ක් පමණි.

ඖෂධවල සංකූලතාවය මැනීමේ කමිටුවද අහෝසි වන තත්වයකට පත්ව ඇති අතර, මිල කමිටුවේ තීරණ, අභියාචනා කමිටුවේ තීරණ, විශේෂඥ කමිටුවේ තීරණ, ඖෂධ තත්වපාළණ කමිටුවේ තීරණ සියල්ල, නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාගේ අණසක යටතට පත් කර ගැනීම ක්‍රමාණුකූලව සිදු වෙමින් පැවතීම බරපතල තත්වයකි.

ඖෂධයක ගුණාත්මක තත්වය සඳහා තාක්ෂණිකව කටයුතු කල යුතු ජාතික ඖෂධ තත්වපාළණ රසායනාගාරයේ දැනට ඉතිරිව ඇත්තේ වෘත්තීයවේදීන් 5 දෙනෙකු පමණක් විම මගින් පමණක්, රටට ගෙන්වන ඖෂධවල ගුණාතමක තත්වය පිළිබඳව කෙතරම් අවධානයක් යොමු කර ඇත්තේද යන්න පැහැදිළි වන බව රවී කුමුදේශ වැඩිදුරටත් කියා සිටියේය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image