යාපනයේදී උපත ලබා යාපනය විශ්වවිද්‍යාලයෙන් මහාචාර්යවරයකු බවට පත් වූ දෙමළ ජාතිකයකුට බ්‍රිතාන්‍යයේදී OBE (Order of the British Empire) නමැති ඉහළම ගෞරව සම්මානය ලැබී තිබේ.
යාපනයේ කෝපායි අච්චුවේලී වල්ලෙයි ප්‍රදේශයේ උපත ලැබූ අරවින්දන් කුමාරස්වාමි යාපනය විශ්වවිද්‍යාලයෙන් මහාචාර්යවරයකු බවට පත් වීමෙන් පසුව ලන්ඩනයට ගොස් ලන්ඩනයේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා දන්ත විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස වැඩ භාරගනු ලැබිය.
එමෙන්ම ඔහු බර්මින්හැම් කාන්තා රෝහලේ නාරිවේද, ප්‍රජනක වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම පිළිබඳ උපදේශකවරයා වශයෙන් ද කටයුතු කර තිබේ.
ඔහුට මෙම සම්මානය පිරිනමා ඇත්තේ බ්‍රිතාන්‍ය රජතුමාගේ උපන්දිනය වෙනුවෙන් බව වාර්තා වේ.
මහාචාර්ය අරවින්දන් කුමාරස්වාමි බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට සහ පවුල්වලට උපකාර කිරීම සඳහා කරන ලද පර්යේෂණ තුළින් ඔහු කළ සේවය අගයමින් මහරජතුමා විසින් එම සම්මානය පිරිනමා තිබේ.
(aruna.lk)