තරුණ ක්‍රියාකාරිනියක සහ නැගී එන ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය වහාම නිදහස් කර ඇයට එරෙහි චෝදනා කොන්දේසි

විරහිතව ඉවත් කරන ලෙස ගෝලීය සිවිල් සමාජ සන්ධානයක් වන CIVICUS ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

ඇය අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම මූලික නිදහස ආරක්ෂා කිරීම සඳහා වන රටෙහි සහ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට පටහැනි ය.

 

නතාෂා එදිරිසූරිය 2023 මැයි 27 වන දින අත්අඩංගුවට ගනු ලැබුවේ බුදුදහමට අපහාස කිරීම සහ වෛරී ප්‍රකාශ කිරීම යන චෝදනාවටය. යූ ටියුබ් හි පළ වූ ප්‍රහසන ප්‍රසංගයක් අතරතුර කරන ලද විහිළු දෙකක් සඳහා ය. එම ප්‍රහසනයේ සංස්කරණය කරන ලද කොටසක් බෙදා හරින ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි සමාජ මාධ්‍ය ප්‍රහාරයක් ඇති විය. ඇය එදිනම වීඩියෝව ඉල්ලා අස්කර ගෙන ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියාය.

 

2023 මැයි 27 දින රාත්‍රියේ, නතාෂාගේ විදෙස් ගතවීම වැළැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඇය  අත්අඩංගුවට ගන්නා ලදී. නීතීඥයින්ට හෝ ඇයගේ සහකරුට ඇය කරා ප්‍රවේශ වීම පවා පොලිසිය මුලදී ප්‍රතික්ෂේප කළේය.

ඇය සමාව අයැද සිටියද, ඇයට එරෙහි අන්තර්ජාල හිරිහැර සහ තර්ජන උත්සන්න වූ අතර, ඇය පදිංචි ස්ථානය අන්තර්ජාලය හරහා බෙදා හරින ලදී. ඇය සමාජ මාධ්‍ය ලුහුබැදීම්හි, ප්‍රචණ්ඩ සහ ලිංගිකව කෙළසන බවට එල්ල වූ බරපතල තර්ජන මුහුණ දුන්නාය.

2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනතේ 3 වැනි වගන්තිය, 291A (ඕනෑම පුද්ගලයෙකුගේ ) සහ 291B ( හිතාමතා සහ ද්වේෂ සහගත චේතනාව) සහ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ සහ පරිගණක අපරාධ පනතෙහි ඕනෑම කණ්ඩායමක පුද්ගලයන්ගේ ආගමික හැඟීම් කෝපයට පත් කිරීම යටතේ මැයි 28 දින ඇයට චෝදනා එල්ල කරන ලදී. ඇය මුදා හැරීම ‘මහජන කැළඹීමක්’ ඇති කරයි යන පදනම මත ඇයට ඇප ප්‍රතික්ෂේප කරන ලද අතර 2023 ජුනි 7 දක්වා රිමාන්ඩ් කරන ලදී. පසුව ඇයගේ ඇප කාලය ජුනි 21 දක්වා දීර්ඝ කරන ලදී.

 

“නතාෂා එදිරිසූරිය අත් අඩංගුවට ගැනීම, උපහාසය ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කෙරෙහි ශ්‍රී ලංකාව තුළ ඉහළ යන නොඉවසීම ඉස්මතු කරයි. ඇය රඳවා තබා ගැනීම කලාත්මක ප්‍රකාශනයට පැහැදිලි ප්‍රහාරයක් වන අතර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) උල්ලංඝනය කිරීමකි. ඇයට එරෙහිව ඇති චෝදනා වහා ඉවත් කළ යුතුය” යනුවෙන් CIVICUS හි උපදේශන සහ සමාජ ව්‍යාපාර ප්‍රධානී David Kode පැවසීය.

 

නතාෂා එදිරිසූරිය යනු ශ්‍රී ලංකාවේ කාන්තා නැගී එන ප්‍රහසන නිළියන් කිහිප දෙනාගෙන් කෙනෙකි. ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය, ස්වෝත්තමවාදය සහ ස්ත්‍රීවාදය, සදාචාරාත්මක සහ ආගමික කුහකත්වය, අධ්‍යාපනය, පවුල් ජීවිතය සහ මානසික සෞඛ්‍යය යන ගැටලුවලට තම ස්ථාවර ප්‍රහසන හරහා ආමන්ත්‍රණය කරන ස්ත්‍රීවාදිනියක ලෙස ඇය තමාගේම ක්‍රියාකාරී අවකාශයක් නිර්මාණය ගෙන කර ඇත.

ඇය වඩාත් සාධාරණ ලෝකයක් සඳහා ඔරොත්තු දෙන සහ තිරසාර ක්‍රියාකාරකම් ගොඩනඟන බිම් මට්ටමේ ගෝලීය දකුණු තරුණ ක්‍රියාකාරීන් සඳහා වන CIVICUS Youth Action Lab හි කොටස්කාරියකද වේ. 2021 දී ඇය ශ්‍රී ලංකාවේ ලිංගික හිරිහැර උසිගැන්වීම් අවබෝධ කර ගැනීම සඳහා ‘ලිංගික හිංසනය විකේතනය කිරීම’ නමින් පර්යේෂණයක් කළාය.

 

නටාෂා එදිරිසූරියට එරෙහිව ICCPR පනත භාවිතා කිරීම ගැන ද CIVICUS සැලකිලිමත් වන අතර, අනෙකුත් විධිවිධාන අතර, “වෙනස් කොට සැලකීම, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමක් වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය”  අපරාධයක් කරන විදිවිධානය ද වේ. එම චෝදනා සනාථ කිරීම සඳහා පිළිගත හැකි සාක්ෂි කිසිවක් ඉදිරිපත් කර නොමැත.

 

තවද, CIVICUS Monitor විසින් ක්‍රියාකාරීන් අපරාධකරුවන් කිරීමට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා කිරීමට සහ කවියන්, ලේඛකයින් සහ වෙනත් අය රඳවා තබාගෙන නිහඬ කිරීමට වසර ගණනාවක් තිස්සේ නීතිය අවභාවිත කර ඇති ආකාරය ලේඛනගත කර ඇත.

ICCPR පනත බලධාරීන්ගේ අමු අමුවේ අනිසි ලෙස භාවිතා කිරීමේ තවත් උදාහරණයක් මෙයයි. එය ක්‍රමානුකූලව භාෂණයේ නිදහස නිශ්ශබ්ද කිරීමට සහ පුද්ගලයන් දිගු කලක් සිරකර තැබීමට වැරදි ලෙස භාවිතා කර ඇත. පුද්ගලයන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීම වැළැක්වීමට හෝ අධෛර්යමත් කිරීමට නීතිය භාවිත නොවන පරිදි සංශෝධනය කළ යුතුය.

 

ශ්‍රී ලංකාවෙහි වර්තමාන පනත, ICCPR හි 19 වැනි වගන්තිය සමඟ සම්පුර්ණයෙන්ම නොගැලපෙන බව ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පෙන්වා දී ඇත. උසිගැන්වීම්වලට එරෙහිව සුළුතර ජාතීන් ආරක්ෂා කිරීම සඳහා භාවිතා කරනු වෙනුවට, විවේචනයට හෝ  අපහාසයට එරෙහිව ආගම් හෝ විශ්වාසයන් ආරක්ෂා කිරීමට එය භාවිතා කර ඇත.

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ද මෙම නීතිය අවභාවිතය පිළිබඳ කනස්සල්ල මතු කළ අතර 2023 මාර්තු මාසයේදී ප්‍රකාශ කළේ පනත යටතේ චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට නියමිත වේලාවට ඇප ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

2023 ජූනි 20.

CIVICUS යනු ලොව පුරා පුරවැසි ක්‍රියාකාරකම් සහ සිවිල් සමාජය ශක්තිමත් කිරීම සඳහා කැප වූ සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරීන් 10,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත ගෝලීය සන්ධානයකි.

ඉංග්‍රිසි බසින් නිකුත් කරන ලද ප්‍රකාශක සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් (srilankabrief.org) වෙතිනි..

නතාෂා යලි රිමාන්ඩ්

nate

බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින නතාෂා එදිරිසූරිය යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, අදාළ ප්‍රකාශය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි SL Vlog යූටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර ඇප මත මුදා හැරීමටත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජුනි 21වැනිදා) නියෝග කළේය.

ඒ අනුව බෲනෝ දිවාකර රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් මිලියන 02ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කර සිටියේය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාෂා එදිරිසූරිය ජුලි මස 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.



සබැඳි ලිපි :

නතාෂා යනු මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි - (චින්තන ධර්මදාස)

කලාවේ හා ප්‍රකාශනයේ නිදහසට තබන අත සිඳ දමනු! - කොළඹ ක්‍රියාකාරී කමිටු ප්‍රකාශය

ආර්ටිස්ට් කෙනෙක් කිසි විටෙක ආර්ට් එක වෙනුවෙන් සමාව නොගත යුතුයි - (මිස්ටර් බීන්

පැමිණිල්ලක් වූ පමණින් අත්අඩංගුවට ගැනීමක් සිදු විය යුතු ද? - (ගාමිණී වියන්ගොඩ)

මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත

ජනාධිපති වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්! (චින්තන ධර්මදාස)

ආගමේ සැරෑටිය වැනිමේ නිදහස

මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය ඇයි ?

නටාෂා, මේ රටේ ඉන්නේ උඹල විතරක් නෙවෙයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

අලුත් දෙවියෙක් හොයන ආධ්‍යාත්මික රෝගීන්....(මහේෂ්ගේ වීඩියෝවක්)

නතාෂා අත්අඩංගුවට ගැනීම රුපවාහිනී පුවත් සිරස්තල ඇසින් - (Ethics Eye)

නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි! -((ජීවන්ත ලියනගේ)

කොමඩිය script එකක් ද? - (වරුණ රාජපක්ෂ)

නතාශා දැන් ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි #හෑයිය -(Uvindu Kurukulasuriya)

#හෑයිය : නතාෂා කියන කතාව නුතන මව්වරුන් ඇසිය යුතුම කතාවක්

මෙන්න නතාෂාගේ ඔය කියන ආන්දෝලනාත්මක කතාව


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්