ජනාධිපති සහ රජය නිවැරදි මාවතේ ගමන් කරන නමුත් පොලීසිය සහ විමර්ශන වැරදි මාවතක ගමන් කිරීම
කණගාටුවට කරුණක් බව තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් ඇමතිවරයා එබව සඳහන් කර තිබේ.
මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හා දූෂණය පිළිබඳ පැහැදිලි සාක්ෂි සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින අතර පොලීසිය සහ නීතිපතිවරුන් ඒ පසුපස හඹා නොයා යන බවත් පොලිස් ක්‍රියාමාර්ගවලට තමන් කිසිඳු ලෙසකින් එකඟ නොවන බවද, රාජ්‍ය අමාත්‍යවරා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සටහන් කර තිබේ.
රන්ජා මාධ්‍ය හමුවේ ආතල් ගන්න හැටි....
සබැඳි පුවත් :
රංජන් අද අධිකරණය හමුවට: 'පොහොට්ටුවාදියොත්' නොසතුටින්' - ලංකා සී නිව්ස් කියයි