ජාතික රූපවාහිනියේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙකම මේවනවිට හිස්ව පවතී.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රසාද් සමරසිංහ පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාවය ලබා දී ඇතැයි වාර්තාවේ.
ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේවනවිට දිවයිනෙන් බැහැරව සිටින බැවින් විධිමත් පත්වීම් ලිපියක් නිකුත් කිරීම, ඔහු දිවයිනට පැමිණි පසු සිදු කරනු ඇතිබව ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් ගේ මාස හයක 6 ක සේවා කාලය අවසන් වී ඇති බැවින් හා ඔහුගේ සේවය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට විසින් සිය නිර්දේශය අමාත්‍යවරයා වෙත දැනටමත් යොමු කර ඇතැයි ද වාර්තාවේ.
ඇමතිවරයා විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අසංග ජයලත් ගේ සේවය දීර්ඝ කිරීම හෝ නව අධ්‍යක්ෂ ජනරාල්වරයකු සංස්ථාව වෙත පත්කරන තෙක් සංස්ථාවේ කාර්යභාරය නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) ඊ. එම්. එස්. බී. ජයසුන්දර පත්කර තිබේ.