අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව තිබු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ

නිල ෆේස් බුක් පිටුව (Department of Government Information) මේවනවිට සම්පුර්ණයෙන් ම නැවත තම පාලනයට ගෙන ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

තාක්ෂණික කණ්ඩයම විසින් ප.ව. 7.30 පමණ වන විට එම ෆේස් බුක් පිටුව සම්පුර්ණයෙන් නැවත තම පාලනයට ගෙන ඇති අතර එහි කිසිදු දත්ත වෙනස් කිරිමක් හෝ ඇතුලත් කිරිමකට සිදු කර නොමැති බව වාර්තා වේ.

රජයේ නිල තොරතුරු හා ප්‍රවෘත්ති මෙම නිල ෆේස් බුක් පිටුවේ යාවත්කාලීන කිරීම අද දිනයේ තාවකාලිකව අත්හිටුවා තිබිණ.

ඒ අනුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල ෆේස් බුක් පිටුව වෙත පිවිසෙන පරිශීලකයින්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න පැවසීය.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්