අවුරුදු පහළොවක් පමණ වයස පාසල් සිසුවකු වසරකට ආසන්න කාලයක් තිස්සේ සිට වරින් වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි
කියන මාරවිල පොලිස් වසමේ පිහිටි කතෝලික දේවස්ථානයක මිසම භාර පියතුමකු අත්අඩංගුවට ගැනීමට මාරවිල මූලස්ථාන පොලිසිය පුහු පරීක්ෂණ පවත්වාගෙන යයි.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම සැකකාර පියතුමා සැඟව සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම සැකකාර පියතුමා රටින් පලා යෑමට උත්සාහයක් තිබෙන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට මෙම සිද්ධියට අදාළව තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර පියතුමා රටින් පලා යෑමට පැමිණියොත් අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් ලබා ගෙන එම නියෝගය ආගමන විගමන පාලකවරයා මගින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි ද ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
බරපතළ ලිංගික අපයෝජනයන්ට ලක් වූ බව කියන මෙම බාලවයස්කාර සිසුවාගේ මවුපියන්ට මේ බව දැන ගැනීමට ලැබීමෙන් පසු දරුවා ද කැටිව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න හමුවට ගොස් පැමිණිලි කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.
පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ සම්බන්ධයෙන් මාරවිල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත
(carbonnews.lk)