උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය

තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත් එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් ජනාධිපති වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් එහිදී කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ, තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවයි.



තමාට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදි පැවසීය.



ලැයිස්තුව 1 යටතේ දක්වා ඇති පරිදි පොලිස් බලතල හැර, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ බලතල සහිත බව පවසමින් ජනාධිපතිවරයා බලය බෙදීමේ සැලසුම් ගෙනහැර දැක්වූ අතර එය පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ අතර එකඟතාවයට යටත්ව පළාත් සභා ලැයිස්තුවේ 3 වැනි ලැයිස්තුවේ නිශ්චිත කාර්යයන් ඇතුළුව ක්‍රියාත්මක කෙරෙන බව පැවසීය.



තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කළේය.



කන්කසන්තුර වරාය, වවුනියාව සහ පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම මෙන්ම උතුරු පළාත හා දකුණු ඉන්දියාව සම්බන්ධ කරමින් යාත්‍රා සේවාවක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී  අවධානය යොමු කෙරිණ.

උතුරු පළාතේ යාපනය සහ මන්නාරම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, වන්නියේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සහ “යාපනය”  විශ්වවිද්‍යාල නගරයක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණු පිළිබඳව ද උතුරු නැඟෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.  

{gallery}HE -Tamil Leaders Meeting{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image