හදිසි තත්වයකදී කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිලිබඳව හදිසි ප්‍රතිකාර ඒකකවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට

විශේෂ දැනුමක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශාය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊ‌යේ (17) රාත්‍රියේදී පැය දෙකක පමණ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පැවැත් වූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී.විජේසූරිය පැවසුවේය.

මේ අනුව රෝගියෙකුට ඖෂධයක් හෝ එන්නත් ලබා දීමෙන් පසුව ඇතිවිය හැකි අසාත්මිකතාවකදි රෝගියාගේ ජීවිතයට හානියක් නොව සේ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිලිබඳව මෙහිදී විශේෂ පුහුණුවක් සහ දැනුමක් ලබා දීමට කටයුතු කරන බවත් අසාත්මිකතාවක් ඇතිවිය හැකි ඖෂධයන් පිලිබඳවත්   විශේෂ දැනුමක් ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.

මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් රෝහල් අධ්‍යක්ෂවරුන්වෙත නිකුත් කිරීම හෙට දිනයේදී සිදුවනු ඇති බව අමාත්‍යංශය ප්‍රකාශකයෙකු පැවසීය.

පේරාදෙණිය රෝහලේදී එන්නතක් අසාත්මික වී 21 හැවිරිදි තරුණියක් මියගොස් ඇත්තේ අසාත්මිකතාවකදි රෝගියාගේ ජීවිතය ආරක්ෂාකිරීමට ප්‍රමාණවත් දැනුමක් එහි කාර්යමණ්ඩලයට නොතිබුන නිසා බවට සැක මතුව ඇති අතර නැවත මෙවැනි මරණයන් සිදු නොවීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීම සඳහා මෙම පුහුණුව තුළින් අවශ්‍ය දැනුම් ලබා දීම අමුණ වී ඇත.



ගැටලුකාරී තත්ත්වයන් ඇති කළ ඇතැම් ඖෂධ වසර 10ක පමණ කාලයක සිට මෙරට භාවිත කරන බවත් මේවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි වී ඇති බවත් වෛද්‍ය විජේසූරිය කීවේය. විශේෂයෙන් පේරාදෙණිය රෝහලේ තරුණියට එන්නත්කල Baur & co Ltd සමාගම විසින් ගෙන්වනු ලබන Ceftriaxone ඖෂධය වසර 10කට වැඩි කාලයකට පෙර මෙරට ලියාපදිංචි කල ඖෂධයක් බවත් වාර්තාවේ.




(උපුටා ගැනීම් - lankasara.com)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image