රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන හා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ජාතික සංහිඳියා

වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික හමුවක් ජුලි 26 වන දින (බදාදා) පස්වරු 5.30ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වල නායකයින්ට මේ සඳහා සහභාගිවන මෙන් ජනාධිපති කාර්යාලය විසින් මේවනවිටත් ආරාධනා කර ඇතැයි වාර්තාවේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජාතික සංහිදියාව ඇති කිරීම ඇතුලු කරුණු පිළිබඳව, එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයකු පැවසිය.

පසුගියදා සිය ඉන්දිය නිල සංචාරයේදී ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද, 13 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාවට ලක්ව ඇත.

ඉන්දීය සංචාරයට පෙර පාර්ලිමේන්තුවේදී  උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවූ ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කළේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවයි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් 'දේශය' ජාතික පුවත්පත සමගි ජන බලවේගයේ මතය විමසා ඇති අතර,  ස.ජ.බ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර එහිදී පවසා ඇත්තේ, බලය බෙදීම සඳහා වන යෝජනාව ප්‍රකාශයට පත් කළ පසු ඒ ගැන සිය පක්ෂ මතය ප්‍රකාශ කරන බවයි.

බලය බෙදීම සඳහා දේශපාලන පක්ෂවල එකඟතාව ඉල්ලා සිටීමට පෙර රජය ඒ සඳහා ඉදිරිපත් කරන යෝජනාව රට හමුවේ තැබිය යුතු බවද සජබ මහ ලේකම්වරයා පවසා තිබිණ.


සබැඳි පුවත් :

උතුරු හා නැගෙනහිර ද්‍රවිඩ පක්ෂ නායකයන්ට බෝලය පාස් කරයි !

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්