ශ්‍රී ලාංකේය සන්නිවේදන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ හා කීර්තිධර ජනමාධ්‍යවේදියකු ද නිර්මාණ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිභාපූර්ණ කවියකු,

සාහිත්‍ය කලා විචාරකයකු හා ගත්කතුවරයකු ද වන තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් විසින් ශ්‍රී ලාංකේය සංස්කෘතික ක්ෂේත්‍රය අභිවර්ධනයෙහි ලා ඉෂ්ට කරන ලද සයදශකාධික සේවා සම්ප්‍රදානය සහෘද බහුමානයට පාත්‍ර වන අභිසම්භාවනා උත්සවය ජුලි  28 වැනිදා සවස 3.30ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

තිලකරත්න කුරුවිට බණ්ඩාර සමස්ත කලා චර්යාව හා සේවා සම්ප්‍රදානය අලළා මෙරට ප්‍රබුද්ධ ලේඛක ලේඛිකාවන් විසින් රචිත ලේඛන සමුදාය සමාහාර කරමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් විසින් සම්පාදිත ‘පත්‍ර කලා කව් සිළුමිණ: තිලකරත්න කුරුවිට බණ්ඩාර අභිසම්භාවනා’ නම් වූ ග්‍රන්ථය ද මෙහිදී ජනගත කරයි.

ආචාර්ය සරත් අමුණුගම මුලසුන හොබවන මේ අභිසම්භාවනා උත්සවයේ දී සමන් අතාවුදහෙට්ටි හා මහාචාර්ය සමන්ත හේරත් සංක්ෂිප්ත දේශන පවත්වති.

තිලකරත්න කුරුවිට බණ්ඩාර විසින් රචිත ගීත සමූහයක් මෙදින ගායනා කෙරෙන අතර ඒ සඳහා ඉන්දිකා උපමාලි, ශාලිත අභයවික්‍රම, ලක්මිණී උඩවත්ත හා රවින්ද්‍ර අලගියවන්න ශිල්පි ශිල්පිනීහු දායක වෙති.නර්තනාංග නිර්මාණය ආචාර්ය රවිබන්ධු විද්‍යාපතිගෙනි.

PHOTO 2023 07 24 10 26 53
මේ සම්බන්ධයෙන් ප්‍රියන්ත කොඩිප්පිලි සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් පහත පළවේ.

362903007 2077785105914055 2122638252234882675 n
පෙන්නා තරම අත රැදි පෑනෙහි බලයේ
ලියලා තිබේ බොහො දේ ඉහළම තලයේ
නොසැලෙන පරිදි කිසිවිට දිය පිරි කලයේ
අයියා කෙනෙකි නිහඬම පත්තර කුලයේ
ඔහු නම සමග සිළුමිණ මතකයට නැගේ
කූටප්‍රාප්තිය එහි කතුකමය හැඟේ
ඉරුදින සියත මව්බිම සරසවිය වගේ
පත්තරවලත් කළ වැඩ ඇත බොහොම අගේ
තිබුණේ අකුරුවලටයි කවදත් ඇල්ම
පත්තර දෙසයි හෙලුවේ තියුණුම බැල්ම
ඉතිහාසයක් ඇත වැඩ කළ වෙරිවෙල්ම
පත්තරකාරයයි මා දුටු නිව්ටල්ම
දෙන්නට දෙයක් නැත මා ළග ලොකු මිලක
අමුණමි ආදරය ⁣එනිසා කවි වැලක
මියගිය දිනක මොකටද තනලා ඵලක
කියවා සතුටු වෙනු මෙය මැතිදුණි තිලක

(ප්‍රියන්ත කොඩිප්පිලි)

PHOTO 2023 07 24 10 26 54


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්