එක්සත් ජාතික පක්ෂය නව මුහුණුවරකින් ජනතාව අතරට ගෙන ඒම සඳහා පක්ෂය මුළුමනින්ම

ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වෙන පක්ෂ සමුළුවේදී අලුත් පක්ෂ ව්‍යවස්ථාවක් අනුමත කරගැනීමට නියමිත බවත්, ඒ තුලින් ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බවත් 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එසේම එදින පක්ෂය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හය දෙනකු ගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් පත් කරගැනීමට ද නියමිතය. එම නායකත්ව මණ්ඩලයට  රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පත්කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.  

එසේම පක්ෂයේ අනෙකුත් නිලතලද වෙනස් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්