යහපාලන ආණ්ඩුවේ මුල් මාස කිහිපය තුලදී අධිකරණයට ඉදිරිපත් කර තිබු නඩු සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී

රන්ජන් රාමනායක ගෙන් තමන්ට දිගින් දිගටම බලපෑම් එල්ලවූ බවට කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් ප්‍රකාශයක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මෙන්ම එකල විපක්ෂයේ සිටි ඒ.එච්.එම්. ෆවුසි වැනි මැති ඇමතිවරුන් හා ගාමිණී සෙනරත් වැනි රාජපක්ෂ ආණ්ඩුවේ ඉහල නිලතල දැරූ නිලධාරීන් ද, මහ සංඝරත්නයේ ඇතැම් හිමිවරුන් ද රිමාන්ඩ් කරන්නැයි රන්ජන් රාමනායක දුරකථනය ඔස්සේ තමාට බලපෑම් කළ බව විනිසුරුවරයා පවසා ඇත.

කෙසේවුවද තමන් ඒ කිසිඳු බලපෑමකට යටත්ව කිසිඳු තීන්දුවක් ලබා නොදුන් බව සවිස්තරව පැහැදිලි කර ඇති විනිසුරුවරයා,  එම බලපෑම් සම්බන්ධන්යෙන් තමා 2015.07.15 වන දින අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත ලිඛිතව දැනුම් දී තිබු බවද සඳහන් කර තිබේ.

එසේම, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් මත තමාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර තිබු බවත්,  පොලිසියේ විශේෂ විමර්ශන නිලධාරීන්ගේ ඉල්ලීම මත රන්ජන් රාමනායක ඇමතිවරයාගේ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වූ බවත් විනිසුරු ගිහාන් පිලපිටිය එහිදී අවධාරණය කර සිටි බවද ඉහත ආරංචිමාර්ග කියා සිටියි.

 

රන්ජන්ගේ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වුයේ ඇයි ?

රන්ජන් රාමනායක ඇමතිවරයාගෙන් ලැබෙන දුරකථන ඇමතුම් ප්‍රතික්ෂේප නොකොට ඔහුට ප්‍රතිචාර දක්වන්නයි විමර්ශකයින් තමාගෙන් ඉල්ලා සිටියේ එම දුරකථන සංවාද පටිගත කිරීමේ අරමුනින් විය හැකියැයි තමා තුල හැඟීමක් තිබු බවද විනිසුරුවරයා පවසා තිබේ.

එහෙයින්, විමර්ශකයින්ගේ උපදෙස් අනුගමනය කරමින් රන්ජන් රාමනායක ඇමතිවරයාගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වුයේ, ඔහුගෙන් එල්ලවන බලපෑම් පිළිබඳව ඔහුට එරෙහිව සාක්ෂි ගොනුකර ගැනීමේ අරමුනින් යුතුව බවද විනිසුරුවරයා පැහැදිලි කර තිබේ.

මේවනවිට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය එසේ කටඋත්තරයක් ලබාදී ඇත්තේ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන සමයේ දී රාජ්‍ය ඇමති රංජන් රාමනායක අතර සිදුවන බව කියන දුරකථන සංවාදයක හඬපටයක් මේවනවිට මාධ්‍යයට නිකුත් වී තිබීම සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

විනිසුරු ගිහාන් පිලිපිටිය විසින් ජනවාරි 09 දිනැතිව පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති ලිපියට අනුව, එනම් රන්ජන්  රාමනායක සමග පවත්වන දුරකතන සංවාදය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරයවීම හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ගෙන් තර්ජන තිබූ බවට කරන ලද ලිඛිත පැමිණිල්ලට අදාල වැඩ බලන පොලිස්පතිගේ නියෝග පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය ජනවාරි 12 දා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත කාර්යාලය වෙත ගොස් තිබිණ.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය යොමු කර තිබු ලිඛිත පැමිණිල්ලට අදාළව කොළඹ මධ්‍යම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.එන්. ද සොයිසා විසින් වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීම සඳහා ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර එය පොලිස් සටහන්වල වාර්තා වී ඇත්තේ මෙසේය.

සම්පූර්ණ නම          - ගිහාන් අනුර බණ්ඩාර පිලපිටිය
වයස අවුරුදු            - 49 යි.
ජාතිය/ආගම            - සිංහල / බුද්ධාගම
විවාහක / අවිවාහක බව - විවාහක
රැකියාව                  - මහාධිකරණ විනිසුරු ( ඇඹිලිපිටිය මහාධිකරණය)
ස්ථිර ලිපිනය           - නො. 10, කස්සප පාර, කොළඹ 05.

 

මෙසේ කියා සිටී. මා 1998 වර්ෂයේ දෙසැම්බර් 01 වන දින නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දුන්නා. පසුව 1998 වර්ෂයේ නීතිපති දෙපාර්තමේන්තුවට අනුයුක්තව 2003 වර්ෂය දක්වා සේවය කළා. 2003 වර්ෂයේ ජනවාරි 01 වන දින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු ලෙස අධිකරණ සේවයට බැඳී මේ දක්වා වසර 15 ක් සේවය කර ඇති අතර දැනට මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් සේවය කරනවා.

මා විසින් 2020 ජනවාරි 09 දිනැතිව වැඩ බලන පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිඛිත පැමිණිල්ලට අදාල වැඩි මනක් කරුණු පහත පරිදි ඉදිරිපත් කරමි.

 

දේශපාලනික මුහුණවරකින් යුතු ආන්දෝළානාත්මක නඩු රාශියක් :

මා 2014 වර්ෂයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වශයෙන් වැඩ බාරගත්තා. එම කාලය තුළ බොහෝ සංකීර්ණ හා ආන්දෝළානාත්මක නඩු රාශියක් දේශපාලනික මුහුණවරකින් පැවරුනා. එවකට හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු හමුදාපතිවරුන් මෙන්ම රණවිරුවන් සම්බන්ධිත නඩුවද ඒ අතර තිබුනා.

තවද වනඅලි සම්බන්ධයෙන්ද නඩුවක් මා ඉදිරියේ විභාග වුණා. හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වන ජෙනරල් හෙන්දා විතාරණද හිටපු ජනාධිපති කාර්ය මාණ්ඩලික ප්‍රධානී ගාමිනී සෙනරත් මහතා සම්බන්ධවද එවකට විපක්ෂයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාශියකට විරුද්ධවද ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කිහිප නමකට විරුද්ධවද නඩු ගොනු වී තිබුණා.

ඊට අමතරව තවත් හිටපු ප්‍රබල දේශපාලඥයින් සැකකරුවන් වශයෙන් මා ඉදිරියට රැගෙනවිත් පැමිණිලි ගොනුකර තිබුණා.

එම කාලය තුල පාර්ලිමේන්තුවෙන් මාධ්‍ය ඔස්සේ පෙර තිබූ ආණ්ඩුවට විරුද්ධව දැඩි විවේචන සංවාද ඇති වී තිබුණා.

 

Text 16 1රංජන් රාමනායක ගෙන් දුරකතන ඇමතුමක් !

2015 ආණ්ඩු පෙරලියත් සමග එවකට හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණා. ඒ කතාකරපු විලාසය චෝදනාත්මක විලාසයක් ගත්තා. එහිදී ඔහු කියා සිටියේ යහපාලන සංකල්පයට නඩු විභාග කළ යුතු ආකාරයක් තියෙනවා කියා. ඊට අනුගතව මා කටයුතු කළ යුතු බවත් කියා සිටියා.

මා සම්පූර්ණයෙන්ම මෙම චෝදනා එකහෙලා ප්‍රතික්ෂේප කළා. මා ඉතා සාවධානව රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන්නා. අධිකරණයේ ස්වාධීනත්වයට අප කවුරුත් ගරු කළ යුතු බවත් සියලුම නඩු අධිකරණයට ලැබෙන්නේ විමර්ශන කටයුතු ආරම්භ වීමෙන් පසුව අදාළ නඩු නිමිත්තට සාපේක්ෂව නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් ඇතුව හෝ නැතිව බවත් මා ඔහුට පැහැදිලි කළා.

එසේම එකී නඩුවල චෝදනා ගොනු කරන්නේ විමර්ෂනවලට සාපේක්ෂව හුදෙක්ම පැමිණිලි පාර්ශවය බවත් උසාවිය නොවන බවත්, එම නිසා යම් කිසි ගැටලුවක් තිබේ නම් එය නිරාකරණය කරගත යුත්තේ පැමිණිලිකාර පක්ෂයෙන් පමණක් වන බවත්  උසාවියට කතාකිරීම නිශ්ඵල කරුණක් බවත් මම පැහැදිලි කළා.

 

ලිපි මගින් සහ දුරකතන ඇමතුම් මගින් මරණීය තර්ජන

ඊට සමගාවීව මරණීය තර්ජන ලිපි මගින් සහ දුරකතන ඇමතුම් මගින් ලැබුණා. මාගේ පවුලේ සාමාජිකයන්ට එල්ල වුනා. මගේ අංක .......... ජංගම දුරකතනයටත් නිල මැදිරියේ හා නිල නිවසේ ස්ථාවර දුරකතනවලටත් රත්නපුර කලවාන මාගේ නිවසේ අංක .........දරණ දුරකතනයටත් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර් කාමරයේ දුරකතනයටත් ඇමතුම් ලැබුනා.

ඉන් නිල මැදිරියට ලැබුණු දුරකතන ඇමතුමකට උසාවි පොලිස් නිලධාරියා ලෙස කටයුතු කළ නිලධාරියාද පිළිතුරු ලබා දී තිබුනා.

මෙම කාලසීමාවේම කොළඹ අතිරේක මහේස්ත්‍රාත්ව සිටි දැනට මහාධිකරණ විනිසුරුවරියක් වන නිරෝෂා ප්‍රනාන්දු මැතිනියටද සැකකරුවකු විසින් පාපොච්ඡාරණයක් කරමින් මාව ඝාතනය කිරීමට සූදානම්ව තිබෙන බවට තොරතුරු ලබා දී තිබුනා.

Text 16 2එසේම එවකට මාරවිල දිසා විනිසුරුතුමියක්ව සිටි කල්හාරී ලියනගේ මෙනෙවියටද එලෙසම සැකකරුවකු විසින් ප්‍රකාශයක් ලබා දෙමින් මාව ඝාතනය  කිරීමට සූදානමක් පවතින බව ප්‍රකාශ කර තිබුනා.

එකී ප්‍රකාශ 02 කම විනිසුරුවරියන් දෙදෙනා මා වෙත යොමු කලා. මෙම අවස්ථාවේදී පවතින තත්වයේ බරපතල කම මට තේරුම්ගිය අතර මම කුමක් කළ යුතුද යන්න එවකට අධිකරණ සේවා කොමිෂන් සභාවේ හිටපු ලේකම්වරයෙකු වූ සිසිර රත්නායක මැතිතුමාගෙන් විමසුවා.

ඒ සමගින්ම එම කාලසීමාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයෙකු වූ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මා ඉදිරියේ නඩු කටයුත්තක් සඳහා පෙනී සිටි අවස්ථාවක එතුමාටද මේ පිළිබඳව දැනුම්දී උපදෙස් පැතුවා.

එම දෙදෙනාම මා වෙත සඳහන් කළේ වහාම මේ පිළිබඳව පොලිස්පතිතුමාට දන්වා පරීක්ෂණයක් ඉල්ලා සිටින ලෙසත් අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිඛිතව වාර්තා කරන ලෙසත්ය.

 

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත ලිඛිත දැනුම්දීමක් !

ඒ අනුව 2015.07.15 වන දින අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා වෙත ලිඛිතව මේ සම්බ්න්ධව වාර්තා කලා.

තවද මේ සම්බන්ධව එවකට සිටි පොලිස්පති වෙත දැනුම් දුන් බව තහවුරු වන ලේඛන කිහිපයක්ද සමගින්  මා විසින් 2020.01.09 වන දින වැඩබලන පොලිස්පති වෙත යොමුකරන ලද ලිඛිත මුල් පැමිණිල්ල සමග ඇමුණුම් වශයෙන් දැනටමත් ඉදිරිපත් කර ඇත.

ඉදිරියේදී නඩු ගොනු සහ කාර්යාල ගොනු පරීක්ෂා කර හමුවන ලිඛිත සාක්ෂි විමර්ශන නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරමි.

තවද ශ්‍රී ලංකා පොලීසියේ එවකට සිදුකරන ලද විමර්ශනවලට අදාළ ගොනු පරීක්ෂා කර අවශ්‍ය වැදගත් ලිඛිත සාක්ෂි සොයා ගන්නා මෙන්ද ඉල්ලා සිටිමි.

උසාවියේ මා සමග සිටි පොලිස් නිලධාරීන්ට මෙම රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳ කිසිවක් මාධ්‍යයට හෙළි නොකරන ලෙසත් වෙන  කිසිවෙකුට නොපවසන ලෙසත් දැනුම් දුන්නා. ඊට හේතුව මෙය ප්‍රසිද්ධියට පත් වුවහොත් මා වෙත එල්ල වී ඇති තර්ජනය බරපතල ස්වභාවයක් ගනු ඇතැයි මා සිතුවා.

 

''බලපෑම් මධ්‍යයේ පවා  නීත්‍යානුකූලව කටයුතු කළා''

එම කාලයේදී දිගින් දිගටම මහජන පෙත්සම් ස්වාභාවයෙන් නඩු සම්බන්ධයෙන් මා කටයුතු කළ යුතු ආකාරය මෙසේ යැයි දන්වමින් ලිපි යොමු වූවා. එම පෙත්සම්වල හුදෙක් අසාධාරණ ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා වී තිබූ බැවින් ඒවා ඉවත දමා මා නීත්‍යානුකූලව සෑම අවස්ථාවකම කටයුතු කළා.

ඊට පසු මා එවකට පොලිස්පති ඉලංකෝන් මහතාට පැවති ජීවිත තර්ජන සම්බන්ධව ලිඛිතව දැනුම් දීමක් කළා. ඊට පිළිතුරු වශයෙන් වහාම අධිකරණ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී සිරිවර්ධන මහතා විමර්ශනයක් ආරම්භ කළා.

Text 16 3එහිදී දුරකතන ඇමතුම්වලට අදාළ විශ්ලේශණාත්මක විමර්ශනයක් එම නිලධාරීන් විසින් සිදු කරන්නට ඇතැයි මා විශ්වාස කළා. මෙම විමර්ශන අවසන් වන තුරු සිද්ධියට සම්බන්ධ පිළිබඳ විස්තර රහසිගතව පවත්වාගෙන යෑම මාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාවට වැදගත් වේ යැයි මා විශ්වාස කළා.

විශේෂයෙන්ම එවකට මාගේ දියණිය සහ පුතා පාසල් යමින් සිටි හෙයින් ඔවුන්ව අනතුරකට පත් කරන බව සඳහන් කර තිබූ බැවින් මා උපක්‍රමශීලීව කටයුතු කළා. ඉන්පසුව සහකාර පොලිස් අධිකාරී සිරිවර්ධන විසින් මේ පිළිබඳ විමර්ශන සිදුකර සවිස්තරාත්මක වාර්තාවක් යොමු කර ඇති බව දැනගැනීමට ලැබුණා. එය මාගේ ලිඛිත පැමිණිල්ලේ ඇමුණුමක් වශයෙන් ලබා දී ඇත.

මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සබරගමුව වෙතද පිටපතක් යොමුකර තිබූ අතර එයද ඇමුණුමක් ලෙස ලිඛිත පැමිණිල්ලට ඇතුලත් කර ඇත.

පසුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 01 අධිකරණය හමුවේ විමර්ශනයක් සම්බන්ධයෙන් සහ මගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් පවතින බව මා හට පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ දැනට මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා මගින් දැනගන්නට ලැබුනා.

 

''රන්ජන් පාර්ලිමේන්තුවේදී මාව නිර්දය ලෙස විවේචනයට ලක් කළා''

ඉන්පසුව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ බලපෑම් සහ ඉල්ලීම් සම්බන්ධව මා වෙතින් යහපත් ප්‍රතිචාරයක් නොතිබූ බැවින් පාර්ලිමේන්තුවේදී ඔහු මා නිර්දය ලෙස විවේචනයට ලක් කළා.

Text 16 4එහි හැන්සාඩ් වාර්තා මගින් පරීක්ෂා කළ හැකිය. මෙම අවස්ථාවේදී මා උපක්‍රමශීලීව ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වුනා. ඔහුගේ දුරකතන ඇමතුම්වලදී ඔහුව අමනාප නොවන පරිදි සෑම විටම මග හැරීමට මා උත්සාහ ගත්තා.

එහිදී  මා හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක වෙත ලත් ඇමතුම් දැඩි සේ ප්‍රතික්ෂේප කිරීමට ලක් නොකර ඔහුගේ අරමුණු සහ ඉල්ලීම්ද ඉටු නොකර සෑම විටම මාගේ ඉදිරියේ පැවති කරුණු මත සලකා නීත්‍යානුකූල තීන්දු තීරන ලබා දුන්නා. 

ඒ අනුව සුහදශීලීව ඔහු සමග සංවාදයේ යෙදුනද ඔහුගේ දුරකතන ඇමතුම් සමග ලැබුණු සෙසු තර්ජනාත්මක දුරකතන ඇමතුම් අතර අන්තර් සම්බන්ධතාවයක් පවතින බව පෙනී ගිය බැවින් මාගේ පවුලේ උදවියට බරපතල තර්ජනයක් ඇති වේ යැයි විශ්වාස කළා.

 

උසාවියට ගල් ගැසීමටත් ගිනි තැබීමටත් සූදානමක් !

එක් අවස්ථාවකදී මා ඉදිරියේ පවතින නඩු සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවන්නේ නම් ජනතාව උසාවිය වටලා උසාවියට ගල් ගැසීමටත් ගිනි තැබීමටත් සූදානමක් පවතින බව දන්වා සිටියා. කෙසේ වුවද මා සැමවිටම මා ඉදිරියේ පවතින කරුණු හොඳින් විමසා බලා කිසිවෙකුගේ අවශ්‍යතා ඉටු නොකර සාධාරණ තීන්දු තීරණ ලබා ගන්නා බව කාරුණිකව දන්වා සිටියා.

මා සැමවිටම කියා සිටියේ අධිකරණයේ ස්වාධීනත්වයට අගතියක් නොවීමට වගබලා ගත යුතු බවයි.

Text 16 5පාර්ලිමේන්තුවේදී පදනම් විරහිතව කරන චෝදනා නිවැරදි කිරීමට පමණක් කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටියා. නමුත් එසේ නිවැරදි නොකොට ඔහුගේ අපේක්ෂාව වී තිබුණේ විවිධ බලපෑම් මත ඔහුගේ පුද්ගලික න්‍යාය පත්‍රයකට අධිකරණය හැසිරවීමයි.

පැවැති ජීවිත තර්ජන හමුවේ ඔහු භයානක පුද්ගලයෙකු වශයෙන් වැටහුණු බැවින් ඔහු උපක්‍රමශීලීව සහ මිත්‍රශීලීව පාලනය කර ගැනීමට උත්සාහ ගනු ලැබුවා. එනමුත් කොපමණ කීවත් ඔහු නඩු සම්බන්ධයෙන්ම දිගින් දිගටම බලපෑම් කළා.

 වන අලි නඩුවේදී වර්තමාන ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් සැකකරුවන් වශයෙන් ඇතුලත් කිරීමට බලපෑමක් කළා. එකී බලපෑමට මා නතුවූයේ නැත.

එසේම හිටපු හමුදාපතිවරුන් සහ වර්තමාන ගරු ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා සැකකරුවකුව සිටි නඩුවේදී ඔහුව කෙසේ හෝ සිරගත කළ යුතු බවට කියා සිටියා. නමුත් මා නෛතික තත්වය මත පමණක් කටයුතු කළා.

  

ඔහුගෙන් මගහැර සිටීමට....

හඳුනාගැනිමකින් තොරව හදිසියේ පිළිතරු දුන් අවස්ථාවල ඔහුගෙන් මගහැර සිටීමට අවස්ථාවට ගැලපෙන ලෙස කෙටි පිළිතුරු ලබාදීම සිදු කළා. නමුත් ඔහු බලපෑම් එල්ල කළ කිසිදු ක්‍රියාවක් ඉටු කළේ නැහැ.

මෙම නඩු කටයුතු සිදුවන අතරතුරදී මා හට ස්ථාන මාරු වීම් ලබා පිටව යාමට සිදුවූ බැවින් පැවති අධික අධිවේගී රාජකාරි කටයුතු හේතුවෙන් මා හට ඒ සම්බන්ධව ඉන් පසුව සොයා බැලීමක් සිදු කිරීමට නොහැකි වූ අතර එවැනි සොයා බැලීමක් සිදුකිරීමට මා හට අවශ්‍යතාවයක් ද ඇති වූයේ නැහැ.

 

ප්‍රශ්නය :
යම් අධිකරණ විනිසුරුවරයෙකුට තර්ජනයක් ඇති බවට සැකකරුවකු විසින් තවත් විනිසුරුවරයෙකුට පාපොච්ඡාරණයක් සිදුකර තිබුණහොත් ඒ සම්බන්ධව ගත යුතු නෛතික ක්‍රියා පිළිවෙත කුමක්ද?

පිළිතුර :
අධිකරණසේවා කොමිෂන් සභාවට දැනුම් දීම සහ ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීම සිදුකර ඉන් අනාවරණය වන කරුණු මත නීතිමය පියවර ගැනීම.  මට කීමට ඇත්තේ මෙපමණයි....''

 Let 1

Let 2

Let 3

Let 4

Let 5

Let 6

Let 7

Let 8

Let 9

Let 10

සබැඳි පුවත් :

'රන්ජන් රෙකෝඩ්ස්' : ඇප නියමකර තිබු පැමිණිල්ලකට රන්ජා රිමාන්ඩ් -අජිත් ප්‍රසන්නත් ගනී ද? 

'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව 

එජාපය රන්ජා අත්අඩංගුවට ගැනීමටත් පෙර වරදකරු කරයි - එජාපය ගම්මන්පිල දඬුවම් නියම කරයි  (VIDEO)

'රන්ජන් රෙකෝඩ්ස්' : 'ඇතැම් මාධ්‍ය කරන්නේ රන්ජන් කළාටත් වඩා බරපතල අපරාධයක්' - නීතිඥ අචලා සෙනවිරත්න

'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක් 

'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'අප්ෂට් එක හිට් කර' ආණ්ඩුව ගත්තු තීන්දු මෙන්න !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : හඬපට සැන්ඩි කිරීමට මංගල මෙහෙයුමක් !- ඇමති බිරින්දෑවරුන් ගණනාවක හඬපටත් එලියට!!

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජාගේ හඬපට අතුරු කතා: ඊවාට ගෙදරට එන්න කියලා මහින්ද කිව්වා මතක ද? 

රන්ජන් රෙකෝඩ්ස් : රන්ජා, ප්‍රභූ කතුන් රැසක් සමගත් 'ෆෝන් සෙක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : 'බැලුබැල්මට ශානි කරපු වරදක් නැහැ' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

රන්ජන් රෙකෝඩ්ස් : එජාපයෙන් විනය ක්‍රියාමාර්ග එද්දී රන්ජා උසාවියේදී කියපු කතාව  !

රන්ජන් හා විනිසුරුවරිය අතර හඬපටය ගැන දුර්මත ? (VIDEO)

රන්ජාගේ හඬපට: මහින්දානන්ද "ඝාතන සැලසුමක්" ගැන මැතිසබේ වාද

රන්ජාගේ හඬපට: රනිලුත් කපෝති! - මහින්දානන්දට 'ෂුට්' කරන්න උපදෙස් දීලා !! (VIDEO)

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්