තම ගෙවත්තේ වගා කර තිබු එලවළු වගාව ආරක්ෂා කර ගැනිම සඳහා ඇද තිබු විදුලි රැහැනක ගැටි

62 හැවිරිදි එක්දරු පියෙකු ඊයේ (02) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මයිකල් ඇකියුලස් ද සිල්වා මහතා ය.

ජාතික ජන බලවේගය විධායක කමිටු සාමාජිකයකු වන මයිකල් ඇකියුලස් ද සිල්වා මහතා, 2023 පලාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස නුවරඑළිය ප්‍රාදේශීය සභාවට තරග වැදීමට නාමයෝජනා ලබා දී සිටි ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේය.

නුවරඑලිය ශාන්තිපුර පදිංචිව සිටි මයිකල් ඇකියුලස් මහතා සිය එලවළු වගාවට වන සතුන්ගෙන් සිදු වන හානි අඩු කර ගැනිම සදහා ඔහු විසින්ම නිවසින් විදුලි බලය ලබාගෙන කම්බි රැහන් ඇද සවි කල විදුලි වැටෙහි ඔහුගේ අත් පැටලීමෙන් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව මරණය සම්බන්ධයෙන් මුලික විමර්ෂණ සිදු කල නුවරඑලිය පොලිසිය පවසයි.

නිවසේ ප්‍රධාන විදුලි පරිපාලන පුවරුවේ සිට වයරයක අධාරයෙන් කම්බි වෙත සෘජුවම විදුලිය සම්බන්ධ කෙරුණු විදුලි රැහැනක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වූ මයිකල් ඇකියුලස් වගා භූමියේ සේවය කරන සුගත් නමැත්තා කියා සිටියේ, ඊයේ  (02) දින උදෑසන සිට මයිකල් ඇකියුලස් මහතාගේ නිවසේ දොර ඇරී තිබියදී ඔහුගේ දුරකථනය නාද වන නමුත් පිළිතුරු නොදක්වන පසුබිමක ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ සහයෝගයත් සමග වගා භූමිය තුළ සොයා බැලීමේදී ඊයේ රාත්‍රි 7.00 ට පමණ වගා භූමියේ දී ඔහුගේ දේහය සොයාගත් බවයි.

මේ පිළිබඳව නුවරඑළිය පොලිසියට දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය සිද්ධිය ස්ථානයට පැමිණ විදුලි සැර වැදුන අදාල විදුලි රැහැන් විසන්ධි කර තිබේ.

මයිකල් ඇකියුලස් මහතාට විදුලි සැර වැදි ඇත්තේ 02 දා උදැසන වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය සැකකරයි.

මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය නුවරඑළිය දිසා අධිකරණය වැඩබලන මහේස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත විසින් පැවැත්වු අතර, එහිදි මහේස්ත්‍රාත්වරයා නුවරඑලිය පොලිසිය නියෝග කර සිටියේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

සිද්ධිය පිළිබඳව පවුලේ ජාතීන් හා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ, මිය ගිය මයිකල් ඇකුයුලස් මහතා විදුහල්පති ශ්‍රේණියේ ගුරුවරයෙකු වන අතර, දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමේ අභිලාෂයෙන් ගුරු වෘත්තියට සමුදී දේශපාලන ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කළ අයකු බවයි.

තවද ඔහු දේශපාලන භේදයකින් තොරව තමන් පදිංචි ශාන්තිපුර ප්‍රදේශයට හා අනෙකුත් අවට ප්‍රදේශ ගනනාවකටම ඉතාම අවංක ලෙස කටයුතු කර විශාල සේවයක් කල දේශපාලකයෙකු බව ප්‍රදේශවාසීන් පවසති.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු (05) අඟහරුවාදා දින ශාන්තිපුර කලාපුර පොදු සුසාන භූමියේදී සිදු කරන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

(සටහන -හැටන් රංජිත් රාජපක්ෂ)

{gallery}Michael JVP{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්