ජනාධිපති කොමිසමක් විසින් නීතිපතිවරයට සිදුකරන බලපෑම් සම්බන්ධයෙන් මැදිහත්වීම මේ අවස්තාවේදී කාලෝචිත නොවන්නේ දැයි

නීතිඥ ශිරාල් ලක්තිලක, සිය නීතිඥ සගයින්ගෙන් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් විමසා තිබේ.  සිය FB පිටුවේ සටහනක් පළකරමින් ඔහු එම විමසීම සිදු කර තිබේ.

ජනාධිපති කොමිෂන් සභාවකට පාර්ලිමේන්තුව හරහා සම්මත කරගන්නා යෝජනාවකින් තොරව නීතිපතිට නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැති බවද ඔහු කියා සිටියි.

ශිරාල් ලක්තිලකගේ සටහනේ මෙසේද සඳහන් වේ.

 

නීතිඥ සංගමයේ සභාපතිතුමන්ගේ මැදිහත්වීමට කෙරෙන ආයාචනයයි!

''ජනාධිපති කොමිෂන් සභාවකට පාර්ලිමේන්තුව හරහා සම්මත කරගන්නා යෝජනාවකින් තොරව නීතිපතිට නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැත. නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය පවතින්නේ සොලිසිටර් ජනරාල් යටතේ වන අතර අපරාධ නඩු පැවරීම හෝ නඩු ඉවත් කිරීම පිළිබඳව ඔහුට නියෝග නිකුත් කිරීමේ හැකියාව අඩුම තරමින් නීතිපතිටවත් නැත. එය මේ රටේ අපරාධ යුක්තිය පරිපාලනය කිරීමේ ස්වර්නමය සම්ප්‍රදායකි.

දේශපාලනික පලිගැනීම් තිබුනා යයි ඔප්පු වන්නේ නම් කල යුත්තේ නිවැරදි යුක්තිය පරිපාලනය කිරීමේ සම්ප්‍රදාය අනුගමනය කිරීම නොවේද? අටුව කඩා පුටුව සැදීමට යෑමෙන් පලුදු වන්නේ රටේ නීතියේ ආධිපත්‍යයයි. පුද්ගලයන් බේරා ගැනීමට යාමට කඩිනම් වීම තුලින් රටේ නීතියේ බලය අරාජික කිරීමට යැමෙන් අප වැලකීම සැබෑ දේශප්‍රේමීත්වය නොවන්නේද?

එම නිසා මෙම කරුණ අරබයා නීතිඥ සංගමයේ මැදිහත්වීම මේ අවස්තාවේදී කාලෝචිත නොවන්නේද?
එසේම මේ පිිබඳව නීතිඥ ප්‍රජාවේ සියලු නීතිඥවරුන් සමග මේ පිළිබඳව සංවාදයක් පැවැත්වීම කාලෝචිත නොවන්නේද?

Screen Shot 2020 01 29 at 9.58.13 AM 

කරන්නාගොඩට හා DKPට එරෙහි නඩු විභාග අත්හිටුවීම :

නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක එවැනි සටහනක් පළකර ඇත්තේ, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග වන නඩුව අත්හිටුවන ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම ජනවාරි 27දා නීතිපතිවරයා වෙත නියම කර තිබීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණ.

 

''නීතිපතිට නියෝග කිරීම බරපතල තත්වයක්'' -සුමන්තිරන් Sumanthiran MP

මහින්ද රාජපක්ෂ පාලන සමයේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට එරෙහිව චෝදනා ලැබ සිටින හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ හා හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායකට එරෙහිව පවරා ඇති නඩුව අත්හිටුවීමට දේශපාලන පළිගැනීම් සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නීතිපතිවරයාට නියෝග කිරීම බරපතල නීතිවිරෝධී තත්වයක් බව දෙමළ සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.

Dappulaඑය බරපතල දේශපාලන මැදිහත් වීමක් බවත් එම තත්වයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බව ඔහු වැඩිදුරටත් පැවසිය.

ජනාධිපති කොමිසමේ නියෝගය සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දක්වා ඇති නීතිපතිවරයා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන අයට එරෙහි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන ලෙසට තමන්ට නියෝග කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට නෛතික බලයක් නැති බව එම කොමිසමට ඊයේ (28) ලිඛිතව දැනුම් දී තිබිණ.

නීතීපතිවරයා අධිකරණය හමුවේ නඩු පවරනු ලබන්නේ විමර්ශන වලදී ඉදිරිපත් වන සාක්කි පදනම් කරගෙන මිස වෙනත් පරිබාහිර කරුණු පදනම් කරගෙන නොවන බව දන්වා ඇති නීතිපතිවරයා, කරන්නාගොඩ සහ දසනායක යන විත්තිකරුවන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරනු ලැබ්වේ සියළුම නෛතික ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් අනතුරුව තමන් වෙත පැවරී ඇති නීතීමය බලතල අනුව බව කොමිසමට පෙන්වා දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 සී හා 105 වැනි වගන්තීන් අනුව අධිකරණ නියෝගයකින් තොරව තමන්ගේ රාජකාරී කටයුත්තක් වන පැමිණිල්ල මෙහෙයවීම නතර කිරීමට කොමිසමකට කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැති බව කොමිසමට පෙන්වා දී ඇති නීතීපතිවරයා, කොමිෂන් සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකට නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යස්ථාපිත හෝ නෛතික බලතල නොමැති බව අවධාරණය කර ඇත.

 

සබැඳි පුවත් :

නීතිපති 'ගේම' ඉල්ලයි : තමන්ට නියෝගදීමට ජනාධිපති කොමිසමට අයිතියක් නැතැයි කියයි !

ජනාධිපති කොමිසම වැඩ : කරන්නාගොඩට DKPට එරෙහි නඩු විභාග අත්හිටුවයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්