කොරෝනා වෛරසය පැතිර යෑමත් සමග චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකීය සිසුන් වහාම මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලවත් උනන්දුවක් දැක්වුයේ, චීනයේ උසස් අධ්‍යාපනය හදාරන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ හා රජයේ ඉහලම නිලධාරීන් කිහිප දෙනෙකුගේ දරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා බව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

එවැනි මාධ්‍ය වාර්තාවලට අනුව අමාත්‍ය විමල් වීරවංශගේ පුතා උසස් අධ්‍යාපනය හදාරන්නේ චීනයේ වීම ඊට හේතුව ලෙස දක්වා ඇත.

කොරෝනා වෛරසයේ බලපෑම් වැඩිම වූ 'වුහාන්' ප්‍රදේශයට ආසන්න ප්‍රාන්තවල වාසය කරන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදිය යුතුව තිබුනද, ඊට කිලෝ මීටර් දහස් ගණනක් ඇතින් පිහිටි සිවුආන් (Sichuan) ප්‍රාන්ත සිසුන් කෙරෙහි ප්‍රමුකත්වය ලබාදීම පිටුපස එම ප්‍රාන්තයේ අධ්‍යාපනය ලබන අමාත්‍ය විමල් විරවංශගේ පුතා සිටීම හේතුවිදැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන අයෝමා කොබ්බැකඩුවගේ ට්විටර් පණිවිඩයකින් ප්‍රශ්න කර තිබේ.

Screen Shot 2020 01 29 at 12.26.39 PM
''ඇමතිතුමාණන්ගෙ පුතා බේර ගන්නෙ නැතිව අනිත් උන් බේරගන්නද කියන්නෙ'' 

මෙම කාරණය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය (Uvindu Kurukulasuriya) මෙසේ සඳහන් කර තිබේ.

''කොරෝනා අස්සෙ ආණ්ඩුව ඒක තියෙන ප්‍රාන්තෙ ඉන්න අයට ප්‍රමුඛතාවය නොදී විමල් වීරවංශතුමාගෙ පුතාව ගෙන්න ගන්න ප්‍රමුඛතාවය දෙනව කියල සමාජ මාධ්‍යවල ලොකු කතාවක්. මම හරියටම ඒ ගැන දන්නෙ නැහැ. 

ඒත් මේ වගේ ව්‍යසනයක් - ඒ කියන්නෙ සුනාමි ආව වෙලාවෙ මිනිස්සු මැරෙත්දි අපිවත් ගෙනියන්න කියල අඬා වැටෙත්ද්දි බන්දුල ගුණවර්ධන එයාගෙ ළමයිනුත් අරන් අරුගම්බෙ ඉඳන් හෙලිකොප්ටරයක් ගෙන්නන් මාරු උනා එතන හිටපු පොඩි ළමයි කීප දෙනෙකුවත් අරගෙන අයන්නෙ නැතිව.

මට මතක් වෙන්නෙ එකදහස් නමසිය බර ගණන්වල මටයි ඩිලාන් පෙරේරටයි, නාලන්ද එල්ලාවටයි ලූෂන් කිව්ව කිව්ව කතාවක්. එයා කබ් රිපෝර්ටර් කෙනෙක් විදියට බැඳුන කාලෙ ලොකු ප්‍රශ්ණයක් ආවලු. ඒක තමා විනිමය පාලනය නිසා රටේ සල්ලි පිටරට යවන්න සීමා පනවල තියෙත්දි අගමැතිණිය සිරිමාවෝගෙ පුතා අනුරව කොහොමද ඇරියෙ එංගලන්තෙ අධ්‍යාපනයට කියල. 

ඉතිං ලූශන්ව ඇරියලු මිනිස්සුන්ගෙන් මත අහල කතාවක් ලියන්න කියල. ලූශන් රාජකරුණානායක එක එක මිනිස්සුන්ගෙන් ඒ ගැන අදහස ඇහැව්වලු. ඔක්කොම වගේ බනිනවලු සිරිමාවොට. එක මිනිහෙක් කිව්වලු "යකෝ රටේ අගමැතිනිගෙ පුතාට රට ගිහින් ඉඟෙනගන්න බැරිනම් අපිටද පුලුවන්" කියල වගේ කතාවක්. 

ඒකලු කතාවෙ හෙඩ් ලයින් එකට ගියේ. හැම කාලෙම බයිසන්ල ඉන්නවනෙ. ඉතිං විමල් ඇමතිතුමාණන්ගෙ පුතා බේර ගන්නෙ නැතිව අනිත් උන් බේරගන්නද කියන්නෙ කියල හිත හදාගන්න.''vibuthi

විමල්ගේ පුතා ගැන කතා ඇත්තද ?


කෙසේවුවද මෙම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් theleader.lk කළ සොයා බැලීමක දී වාර්තා වුයේ චීනයේ අධ්‍යාපනය හදාරන අමාත්‍ය විමල් විරවංශගේ පුත් විභුති වීරවංශ, ජනවාරි 07 දා කෙටි නිවාඩුවකට මෙරටට පැමිණි බවයි. ඒ කොරෝනා වෛරසය පැතිර යෑමේ සිද්ධියට පෙරය.

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුගේ මෙන්ම, රජයේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකුගේ ද දරුවන් චීනයේ උසස් අධ්‍යාපනය හදාරති.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්