එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමගම (ලේක්හවුස්) විසින් යහපාලන ආණ්ඩු සමයේදී විකල්ප මතවාදයේ අදහසක් සමාජගත කිරීම සදහා ආරම්භකළ

'රැස' පුවත්පත වහාම නවතා දැමීමට එහි නව අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති මාධ්‍යවේදී විමල් කැටිපේ ආරච්චි මෙසේ සඳහන් කර තිබේ.

''පත්තරයක් වැසෙන `ඊයේ` දිනයකට සහ පත්තරයක් අලුත් වෙන `හෙට` දිනයකට මැද ඇති `අද`ක සිට ලියමි.
ඇස පාදන රැසේ ඇස වසා, පණ පිටින් මැහුම් දමා ඇත.

රැස පත්තරය වැසීමෙන් සතුටු වන්නේ කවුදැයි වටපිට බැලීමෙන් සොයාගත හැකි අතර, රැස කළ කාර්යභාරය කුමක්දැයි එයින් වටහා ගත හැකි ය.

රැස වැසී යාම, සියොළඟ ගෝත්‍රවාදය වැගිරෙනවුන්ට සවුදිය පුරන පුවතක් වූයේ ඇයි ?
ඒ, රැස ජාතිවාදයට ආගම්වාදයට එරෙහිව කෙළින් සිටගත් නිසා ය.

රාජ්‍ය මාධ්‍ය ඉතිහාසයේ අවදානම් පර්යේෂණ යුගයක මුද්‍රිත මාධ්‍ය මෙහෙවර රැස උර මත විය.
පසෙකින් පැහැදිලි සතුරන්ගේ අනේකවිධ අපහාසයන් ය.
පසෙකින් නොපැහැදිලි මිතුරන්ගේ අනේකවිධ උපහාසයන් ය.
මේ දෙක මැද අනන්තවත් අවලාදයන් ය.

ඒ සියල්ල නිසල මඳහසකින් දරාගෙන රැස ගිය ගමන හැඩ ය.
ඒ හැඩ ගමන, ඉතිහාසයේ `වැඩක්` ලෙස වෙසෙස් සලකුණක් තැබී ය.

මකර කටක දත් අතර සිට පවා දීන නොවී හරි වැඩ කරන්නේ කෙසේදැයි පත්තර කලාවෙන් පෙන්නූ
රැසේ මිතුරියනි - මිතුරනි,

නුඹලාව සහෝදරත්වයෙන් වැළඳගමි !

ඉතිහාසය ලියන්නේ ආදරවන්තයන් මිස කුමන්ත්‍රණකරුවන් නොවේ !!''

2020 ජනවාරි 30

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්