ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පොලීසිය බාරව සිටින

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද දිවයිනේ නොමැති අවස්ථාවේදී පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා ධුරයේ පිහිටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) පස්වරුවේදී පියවර ගත් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එසේ, පොලිස්පතිවරයා නැවත ධුරයට පත් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අද ඔහු තනතුරෙන් ඉවත් කර පැයක් ගත වීමටත් මත්තෙනි.

පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ලම වහ වහා ලබා දී ඇත.


'' ජනාධිපති, පොලිස්පතිවරයා පැන්නීමේ කුමන්ත්‍රණය පරදයි''

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ත් පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් දිවයිනේ නො සිටින අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කිරීම බරපතළ වරදක් බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් 'ලංකාදීප' යට ප්‍රකාශ කර ඇත.  

දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් දින දෙකකින් පැමිණීමට තිබෙන පසුබිම යටතේ පොලිස්පතිවරයා ඉවත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට ප්‍රබල සැකයක් මතුවන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාත් පොලිසිය බාර අමාත්‍යවරයාත් රටේ නොසිටින අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කිරීම රටේ සමස්ත පොලිසියම වසා දැමීමකට සමාන යැයිද එම අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ධුර කාලය ඉක්ම ගොස් තිබූ පොලිස්පති සී. ඩී .වික්‍රමරත්න ට තවත් සති තුනක් සඳහා සේවා දිගුවක් ලබා දීමට මීට පෙර දී පියවර ගෙන තිබිණි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැස්වේ

කෙසේවුවද වයස අවුරුදු හැටට වැඩි රජයේ නිලධාරීන්ට සේවා දිගු ලබානොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ට යළි සේවා දිගුවක් ලබාදීම අනුමත කල නොහැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අද (17) පස්වරුවේ තීන්දු කර තිබිණ.

පාර්ලිමේන්තුවේදී අද දහවල් 1.00ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර අගමැති දිනේශ ගුණවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ සිවිල් නියෝජිතයින් සහභාගිවී ඇත. කෙසේවුවද අද පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා රැස්වීමට ජනාධිපතිවරයාගේ නියෝජිත නිමල් සිරිපාල ද සිල්වා සහභාගිවී නොතිබිණ. ඒ, ඔහු ඉන්දියාවේ සංචාරයක නිරත සිටීම හේතුවෙනි.

පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා සී. ඩී. වික්‍රරමරත්නට දෙවැනි වරට ලබා දී තිබු මාස 3ක කාලය ඔක්තෝම්බර් 09 දා අවසන් වූ අතර යළි ඔහුට ඔක්තෝම්බර් 13 සිට ක්‍රියාත්මක වන පරිදි සති 3 ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණ.

ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පසුගිය මාර්තු මස 25 වැනි දින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට මාස 3 ක සේවා දිගුවක් ලබා දුන්නේය.

පළමු සේවා දිගුව අවසන් වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සදහා ලබා දී තිබුණි.

(lankadeepa.lk)


සබැඳි පුවත් :
පොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවෙන් බාල්දියක් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්