අලුතින් පිහිටුවන විපක්ෂ සන්ධානයේ නායක, සජිත් ප්‍රේමදාස ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට

නියමිත බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බවත් 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

Text 3 4විපක්ෂ නායකයා ලෙසත්, විපක්ෂ සන්ධානයේ නායකයා ලෙසත් අගමැති අපේක්ෂකයා ලෙසත් පැවරී ඇති අධික රාජකාරි කටයුතු සැලකිල්ලට ගෙන, මහ මැතිවරණයට කොළඹින් ඉදිරිපත් වන්නැයි එජාපයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම නව සන්ධානයේ නායකයින් කිහිප දෙනෙකුම  සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලා ඇතැයි ද පැවසේ.

ඒ අනුව, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඉදිරි මහ මැතිවරණයේදී විපක්ෂ සන්ධානය නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිත බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි. 

හිටපු අමාත්‍ය මංගල සමරවීර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් මර්වින් සිල්වාට මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන්නැයි මිට ඉහත දී එජාප නායකත්වයෙන් ඉල්ලීමක් ලැබී තිබු බවද වාර්තාවේ.  එහෙත් මෙවර මහ මැතිවරණයට යළි මාතරින් ඉදිරිපත්වන බව මංගල සමරවීර එජාප නායකත්වයට දැනුම් දී ඇත.

මර්වින් සිල්වා හම්බන්තොටට යැවීමට තීරණය කර ඇත්තේ ඒ අනුවය.  

හම්බන්තොට දේශපාලනයට පිවිසුන මර්වින් සිල්වා, එජාපය නියෝජනය කරමින් හම්බන්තොටින් පාර්ලිමේන්තුවට ද තේරී පත්විය.

සබැඳි පුවත් :

එජාප සන්ධානයේ ලේකම් ධුරයට නම් කිහිපයක්: රන්ජිත් මද්දුම බණ්ඩාරට වැඩි ඉඩක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්