ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතක කල්ලියක ප්‍රමුඛයකුව සිටි බවට චෝදනා ලද අයෙක්

ජිනීවා නුවර නව ශ්‍රී ලංකා තානාපති ලෙස පිළිනොගන්නා ලෙස සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) හා JDS  සංවිධානය ස්විස් රජයෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ නිත්‍ය ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස ජිනීවා යැවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කොට ඇත්තේ ඔහුගේ චරිතාපදානය රචනා කළ සී.ඒ. චන්ද්‍රප්‍රේම ය.

 

'තඩි ප්‍රියන්ත'

“තඩි ප්‍රියන්ත” ලෙසින් ප්‍රකට චන්ද්‍රප්‍රේම පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් නිකුත් කරන ITJP හා JDS, 80 දශකය අග භාගයේ හතලිස් දහසක් ඝාතනය කෙරුණු ජවිපෙ කැරැල්ල සමයේ 'ප්‍රා' (PRRA) නමින් හැඳින්වුණු රාජ්‍ය අනුග්‍රහ ලත් මහජන විප්ලවකාරී රතු හමුදාව සහ ඔහු අතර සම්බන්ධය ගැන සවිස්තරාත්මක තොරතුරු සපයා තිබේ.

සී ඒ චන්ද්‍රප්‍රේම, තමන් විසින් රචිත 'ගෝඨාගේ යුද්ධය' කෘතියේ පිටපතක්
මහින්ද රාජපක්ෂට බාරදෙන ආකාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලා සිටියි. - 2012 මැයි 14

මානව හිමිකම් නීතිඥයන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ පාසල් සිසුන් ඇතුළු සිය ගණනක් මරා දැමීම සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රා සංවිධානයේ ඇතැමකු ආරක්ෂක අංශවලින් Soosaවැටුප් ලද බවද වර්තමාන සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න විසින් ජවිපෙ දෙවැනි කැරැල්ල සම්බන්ධයෙන් 2016 පල කරන ලද ග්‍රන්ථයක දැක්වේ. එහි සඳහන් පරිදි ප්‍රා ඝාතන සංඛ්‍යාව 1200 ඉක්මවයි.

කෙසේ වුවද, වර්තමාන පාලනයේ සමීපතමයකු වන චන්ද්‍රප්‍රේම හා ප්‍රා සංවිධානය අතර වූ කුප්‍රකට සම්බන්ධය පිළිබඳ, ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රමුඛ ආධාරකරුවකු වූ වික්‍රමරත්න විසින් සිය කෘතියේ කවර හෝ අනාවරණයක් නොකරයි.

 

'පරම උත්ප්‍රාසයක්'

චරිත ලංකාපුර හා කාංචන අබේපාල යන මානව හිමිකම් නීතිඥයන් දෙදෙනා 1989දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 2000දී “තඩි ප්‍රියන්ත” චන්ද්‍රප්‍රේම අත් අඩංගුවට ගනු ලැබුණි.

අත් අඩංගුවේ පසු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් විසින් එවකදී නිකුත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින් එම මරණ සම්බන්ධයෙන් වගකිව යුතු ඝාතකයා වශයෙන් චන්ද්‍රප්‍රේම නම් කර තිබූ අතර අදාළ දිවුරුම් ප්‍රකාශය මේ වනවිට මහජන පරිශීලනය සඳහා අන්තර්ජාලයේ ද තිබේ.

කෙසේවුවද, නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීම පිණිස ප්‍රමාණවත් නෛතික පදනමක් නැතැයි නීතිපතිවරයා විසින් තීරණය කළ පසු චන්ද්‍රප්‍රේම නිදහස් කර හරිනු ලැබුණි. එතැන් සිට, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඔහුට ඇති සම්බන්ධකම් විසින් ඔහු ආරක්ෂා කරනු ලැබ තිබේ.

“නිර්භීත මානව හිමිකම් නීතිඥයන් ඝාතනය කිරීමට අදාළ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් ඇති චෝදනා නියමාකාර විමර්ශනයට පාත්‍ර නොවූ පුද්ගලයකු, වින්දිතයන් සහ මානව හිමිකම් ක්‍රියාධරයන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණු ආයතනයක් වන මානව හිමිකම් කවුන්සිලයේ අසුන්ගැනීම පරම උත්ප්‍රාසයකැ,”යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ප්‍රකාශ කළාය.

“මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වන ක්‍රියාධරයන්ට හිරිහැර හා තර්ජන කිරීම සම්බන්ධ අතීත වාර්තාවක් ශ්‍රී ලංකාවට තිබේ. එබැවින් මෙවැනි පුද්ගලයකු ජිනීවා නුවර රාජ්‍ය දූත මණ්ඩලයක ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම කිසිසේත්ම සුරක්ෂිත නොවේ.”

 

Text 3 8රාජ්‍ය අපරාධකාරීත්වය:

ශ්‍රී ලාංකිකයන් ඝාතනය කිරීමට පමණක් නොව විදේශීය මානව හිමිකම් ක්‍රියාධාරීන්ට පවා මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රා සංවිධානය වගකිව යුතු බව “තඩි ප්‍රියන්ත” චන්ද්‍රප්‍රේම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති ITJP සහ JDS ඒකාබද්ධ වාර්තාව පෙන්වා දෙයි.

1991 ජූනි 4 වැනිදා, කොළඹ දී ප්‍රා සංවිධානයෙන් දුරකතනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ ආකාරය ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ පර්යේෂිකාවක් ආවර්ජනය කළ බව එහි සඳහන් වේ.

“උත්කර්ෂයට නංවනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අශ්ලීල යටි පැත්ත වනාහී දඬුවම් නොලද රාජ්‍ය අපරාධකාරීත්වය,” යැයි JDS සම්බන්ධීකාරක භාෂණ අබේවර්ධන ප්‍රකාශ කළේය.

“සත්‍යය කෙතරම් දුරට වළලා ඇති දැයි කියන්නේ නම්, ඝාතක කල්ලියක හිටපු සාමාජිකයකු වශයෙන් චෝදනා ලද අයකු ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කරනු ලැබුනද, කිසිවකු විරෝධය නොපායි.”

ගෝඨාභය රාජපක්ෂ විසින් ජිනීවා යැවීමට තෝරාගෙන ඇති චන්ද්‍රප්‍රේම පිළිබඳ වාර්තාවේ ප්‍රා ඝාතන දැක්වෙන ඡායාරූප මෙන්ම අතුරුදහන් වූවන් සොයා එවක උද්ඝෝෂණය කළ යහපාලන ආණ්ඩුවේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීරට මරණීය තර්ජන කරමින් එවන ලද ලිපියක පිටපතක්ද වෙයි.

© JDS

(උපුටා ගැනීම - http://www.jdslanka.org/s)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්