පරිසර අමාත්‍යංශය විසින් භූ විද්‍යා හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත

නිකුත්කර ලිපියක් හේතුවෙන් කැණීම් සඳහා අවසරපත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීම මුළුමනින්ම ඇනහිට ඇතැයි වාර්තාවේ.

පරිසර අමාත්‍යංශයේ ලිපි ශීර්ෂයක අමාත්‍යංශයේ ලේකම් වෙනුවට අතිරේක ලේකම් (පාලන ) සුබෝදිනි නමැති නිලධාරිනියගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර ඇත්තේ, ඔක්තෝබර් මස 13 වැනිදාය.

භූ විද්‍යා හා පතල් කාර්යංශය හරහා විවිධ කැණීම් සඳහා අවසරපත්‍ර, බලපත්‍ර නිකුත් කිරීමේදී පරිසර අමාත්‍යංශයේ උපදෙස් පතන ලෙසට එම ලිපිය මගින් දැනුම්දී ඇත.

lkjpset

අනතුරුව තවත් ලිපියක් නිකුත් කරමින්, නැවත දැනුම් දෙනතෙක් කාර්යංශයේ සභාපති ඇතුළු නිලධාරීන්ට සියලුම අකාරයේ බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර ඇත.

ifdstglmf
අමාත්‍යංශ නිලධාරීන් විසින් දිගින් දිගටම කරනු ලබන මෙවැනි අනීතික බලපෑම් හේතුවෙන්, මෙරට ඛණිජ සම්පත් මිලට ගැනීමට හා ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට පැමිණෙන විදෙස් සමාගම් වලට සියල්ල අකුලාගෙන රටින් පිටවීමට සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

'' විදෙස් ආයෝජකයින්ට මේ නිලධාරී මාෆියාව එක්ක ඔට්ටු වේවි ඉන්න වෙලාවක් නැ .. අනෙක් අතට ඔවුන්ට ආයෝජනයට තියෙන එකම රටත් ශ්‍රී ලංකාව නොවන බව ලේකම්වරු තේරුම්ගත යුතුයි. මේ කුමන්ත්‍රණ නිසා සිදු වන්නේ, හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුණා වගේ වැඩක්.. යාන්තමින් ඩොලර් ටිකක්  හොයා ගන්නට කරන උත්සාහයට ඇතැම් නිලධාරීන් ගෙන් එල්ලවෙන බාධාවන් නිසා ඒ අවස්ථාවත් අහිමි වී යාම බරපතල කාරණයක්..'' එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්