පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ව 'සමස්ත ලංකා මහජන කොංග්‍රසය'

පක්ෂයෙන් නෙරපා හැර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ, සභාපති එම්.එස්.එස්. අමීර් අලි  පැවසුයේ, තම පක්ෂයේ විධායක මණ්ඩලය සිදුකරන ලද විනය පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

"වගකිව යුතු ජනතා නියෝජිතයෙක් වන අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා නීති විරෝධී ලෙස රත්‍රං ජාවාරම් කළ සිද්ධිය අප පක්ෂයටත්, ජන සමාජයටත්, ඔහුව තෝරා පත් කර ගත් ජනතාවටත් සහ රටටත් අපකීර්තියක් ඇති කෙරුවා. එනිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සම්බන්ධයෙන් පක්ෂයේ විනය කමිටුව මගින් කළ විමර්ශන මාලාවකින් පසුව ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවා. '' යයි සමස්ත ලංකා මහජන කොංග්‍රසය සභාපතිවරයා තවදුරටත් පැවසිය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ මුස්ලිම් ජාතික සන්ධානය (MNA) අතර ඇති කරගත් මැතිවරණ ගිවිසුමකට අනුව අලි සබ්රි රහීම් 'තුලාව' ලකුණින් තරග කළේය. ඒ අනුව ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමේ ලිපිය මුස්ලිම් ජාතික සන්ධානයේ ලේකම් නයිමුල්ලා සහ අලි සබ්රි රහීම් වෙත වෙන වෙනම යවා ඇත.

එම ලිපිය භාර ගත් මුස්ලිම් ජාතික සන්ධානයේ ලේකම් නයීමුල්ලා මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගන්නා බවට පොරොන්දු වූ බව ද සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති එම්. එස්. එස්. අමීර් අලි පැවසිය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්