ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය  අතර පැවැත්වෙමින් තිබු ලෝක කුසලාන තරගයේදී

ක්‍රිඩා පිටියට පැමිණීමට ප්‍රමාද වීම නිසා ඇන්ජෙලෝ මැතිව්ස් දැවි ගිය ක්‍රීඩකයකු ලෙස විනිසුරු සංඥා කළේය.

ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

මෙම තරගයේ දී සිව්වැනි කඩුල්ල දැවී යෑමෙන් පසුව මැතිව්ස් පන්දුවට පහර දීමට පැමිණියේ ය.

නමුත් පන්දුවට පහර දීමට සැරසීමේදී මැතිව්ස්ගේ හිස් ආවරණයේ ආරක්ෂිත පටිය ගැලවී යාම නිසා ඔහු වෙනත් හිස් ආවරණයක් ක්‍රීඩාගාරයෙන් ගෙන්වා ගැනීමට තීරණය කර තිබිණ.

නමුත් එම අවස්ථාවේදී පන්දුවට පහර දීමට පමාවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කරන ලෙසයි.

ඒ අතරතුර හිස් ආවරණය ක්‍රීඩා පිටියට ගෙන්වා ගත්ත ද පන්දුවට පහරදීමට පමා වීම හේතුවෙන් විනිසුරුවරයා ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළේ ය.

ක්‍රිකට් නීතීන්ට අනුව ක්‍රීඩකයෙකු දැවී ගොස් මිනිත්තු දෙකක් තුළ අනෙක් ක්‍රීඩකයා පන්දුවට පහරදිය යුතු වේ.

මෙලෙස කාලය ඉක්මවා යාම මත දැවී යාමක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ වාර්තා වන්නේ පළමු වරටයි.

මීට පෙර පළමු පෙළ තරගවලදී අවස්ථා 06කදී මෙලෙස දැවී යෑම් සිදුව ඇති බව වාර්තා වේ.  


බංග්ලාදේශයට ලැබුණු ඉලක්කය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 49.3ක් අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 279ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ චරිත් අසලංක ලකුණු 108ක් රැස්කළේය.

පන්දු 105කදී ලබාගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 6ක් සහ 6 පහර 5ක් ඇතුළත් විය.

එය ඔහුගේ දෙවැනි එක්දින ශතකය ලෙස වාර්තා පොතට එක්වෙයි.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්