දින පනහකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටින නැගෙනහිර පළාතේ කිරි ගොවීන්ට සහාය පළ කරමින් ආපිට පැමිණෙමින්

සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් අධිකරණය විසින් ඇප පිට නිදහස් කර තිබේ.

මයිලත්තමඩු, මාදවනෙයි කිරි ගොවීන්ගේ අඛන්ඩ විරෝධතාවයට දින 52 ක් සපිරුන නොවැම්බර් 5 වැනිදා යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාල වල සිසුන් ඔවුන්ට සහාය පළ කරමින් විරෝධතාවයක් දියත් කර තිබුනි.

එම විරෝධතාවයට සහභාගී වු සිසුන් බස් රථයකින් යාපනය බලා ආපිට පැමිණෙමින් සිටියදී යාපනය සන්දිවේලි ප්‍රදේශයේ දී බස් රථය නැවැත්වූ පොලීසිය ඔවුන් අත ශිෂ්‍ය හැදුනුම්පත නොතිබීම චෝදනාවක් කොට ගනිමින් සිසුන් හය දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

" මෙයාලට තේරුම් කරලා කියන්න අපි කරදර කරන් නෑ. නමුත් අපිට විස්තර දෙන් නැත්තං අපි මේ බස් එක පිටින්ම ඔහොම්මම පොලීසියට ගෙනියනවා. පොලිසියට ගෙනිහින් තොරතුරු අරගෙන තමයි යවන්නේ. එහෙම නැතුව මෙයාලට හිතුමතේ එ‍හෙම කරන්න බෑ. රටේ නීතියක් කියලා තියනවානේ....... ඔයාලගේ අනන්‍යතාවය තහවුරු කිරීම ඔයාලගේ වගකීමක් " යනුවෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු සිසුන්ට පවසන ආකාරය වීඩියෝ ගතව තිබේ. ඒ අවස්ථාවේ තමන් සරසවි සිසුන් බව ඔවුන් ඒ බව තහවුරු කරගැනීමට විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් විමසන ලෙස කරන ඉල්ලීම පොලීසිය නොතකා සිටින ආකාරයද විඩියෝ ගතව ඇත.

 පොලීසිය විසින් අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ එන්.විදුෂන්, ටී.ලජිතර්, එස්.සින්තුජන්, ටී. ගජන්, නෙවිල්කුමාර්, යන සිසුන් පස් දෙනා සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා සහ සංස්කෘතික පීඨයේ ශිෂ්‍ය සංගම් නායක කේ.රොබින්සන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ශරීර ඇප මත ඔවුන් නිදහස් කිරීමට අධිකරණය ක්‍රියා කර තිබේ.

සිසුන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ සින්නතුරෙයි ජෙගන් මාධ්‍යවේදීන් හමුවේ සදහන් කළේ එක් අයකුට රුපියල් ලක්ෂයක් බැගින් වු ශරීර ඇප මත සිසුන් හය දෙනා නිදහස් කිරීමට අධිකරණය නියෝග කළ බවයි.

"එම ස්ථානයට පැමිණි විශාල ජනතාවක් පාර අවහිර කරලා පොදු ගමනාගමනයට බාධා කළා කියලත්, මේ සිද්ධිය නිසා ඒ ප්‍රදේශයේ නොසන්සුන් තත්වයක් ඇති උනා කියලත් පොලීසිය එයාලගේ තර්කය ඉදිරිපත් කළා. විරෝධතාකරුවන් ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ අයිතීන් දිනා ගැනීම සදහා යාපනයේ ඉදලා ඇවිල්ලා, අයිතීය දිනා ගැනීමට විරෝධතාවයට සහභාගී වෙලා ගෙදර යනකොට තමයි එයාලා අත්අඩංගුවට ගත්තේ කියලා අපි අපේ තර්කය ඉදිරිපත් කළා. ඒ අනුව එයාලා සිසුන් නිසාත්, අයිතිවාසිකම් වෙනුවෙන් එයාලා එක්වුන නිසාත් එක්කෙනෙක්ට ලක්ෂයක් බැගින් අධිකරණයෙන් එයාලට ඇප දුන්නා."

එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණ භුමියට පැමිණ සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියා සිටියේ සිසුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය සදහන් කළ සියළු කරුණු අසත්‍ය බවයි.

"මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ ගත කරලා තියනවා. ඒ ටික අපි බැලුවා. පොලීසිය මේ අත්අඩංගුවට ගැනීම ගැන කියපු කාරණා ඔක්කොම බොරු. එයාලගේ සිංහල ජනාවාස කිසි විරෝධයක් නැතුව පවත්වාගෙන යන කොට ඒකට විරෝධය පළ කරන අයව තර්ජනය කරමින් ඒ විරෝධතා නවත්තන්න, ඒ විරෝධතා තවත් ශක්තිමත් කරන්න ආපු යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් ගත්ත මේ උත්සාහය කොහොමහරි ඒ සිසුන්ව බය කරලා එයාලව දිගටම මේ මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවියන්ට අත දීම වැලැක්වීමේ කුමන්ත්‍රණයක් ලෙස තමයි අපි මේක බලන්නේ. පොලිසියේ මේ ක්‍රියාව අපි තරයේ හෙළා දකිනවා."

මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් මෑතකාලීනව පදිංචි කළ සිංහල පවුල් 150 ට පමණ බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත්  සමග  ගවයන්ට කැවීම සඳහා භාවිත කළ තණ බිම් අක්කර 6000 ක භුමියෙන් සරුසාරෙට තෘණ වැවෙන අක්කර 2500 ක පමණ ප්‍රදේශයක් සිංහල ගොවියන් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවට චෝදනා කරන මයිලත්තමඩු, මාදවනෙයි කිරි ගොවීන් එම ඉඩම් නිදහස් කරන ලෙස බලකරමින්  සැප්තැම්බර් 15 වැනි සිකුරාදා සිට මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටදී අඛණ්ඩ විරෝධයක යෙදී සිටී.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්