යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ මහවිරු සුසාන භුමි නිදහස් කරන ලෙස වන්නියේ

පිහිටි විශාලතම මහවිරු සුසාන භුමියේ අනුස්මරණ කටයුතු භාරව සිටින ප්‍රධානියා ඉල්ලා සිටි.

යුද්ධයෙන් පසු විනාශ කර දමන ලද දෙමළ මහවිරු සුසාන භුමි යුද හමුදාව විසින් ක්‍රීඩා පිට්ටනි ලෙස භාවිත කරමින් සිටින බව තේරාවිල් මහවිරු සුසාන භුමි අනුස්මරණ කමිටුවේ ප්‍රධානි ෂන්මුගරාසා ජීවරාසා සදහන් කළේ උතුරේ දියත් කළ යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී ඊ සාමාජිකයන් වැඩිම සංඛ්‍යාවක් මිහිදන් කර තිබෙන සුසාන භුමිය එළිපෙහෙළි කිරීමේ අවස්ථාවට නොවැම්බර් 5 වැනි දා එක්වෙමිනි.

"විරුවන් සැතපෙන බිම් සම්බන්ධයෙන් වැදගත් ස්ථාන තවමත් නිදහස් කරලා නෑ. හමුදාව ඒවායේ සෙල්ලම් කරනවා. දහයක් දොළහක් විතර හමුදාව. අපේ සුසාන භුමියේ අපේ දෙමළ ජනතාවගේ මහවිරුවන් අනුස්මරණය කරන එක නවත්වන්න ඕන කියලා නවත්තනවා. මේ රජය ඒ දිහා බලාගෙන ඉන්නවා. සංහිදියාව, සංහිදියාව කියලා කියනවා. ඒ උනත් අපි මහවිරුවන්ට පහනක් පත්තු කරලා උපහාර දක්වන්නටවත් උතුරු නැගෙනහිර සුසාන භුමි නිදහස් කරලා නැහැ. ඒ ස්ථාන නිදහස් කරන්න ඕන කියලා ඉල්ලා සිටිනවා."

 
නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් නොවැම්බර් 5 වැනි  වැනි ඉරිදා මුලතිව්, විශ්වමඩු පිහිටි තේරාවිල් සුසාන භුමිය දෙමළ ජනයා ශ්‍රමදානයෙන් ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ප්‍රදේශවාසීන් ද චෝදනා කරන්නේ  සුසාන භුමියෙන් සියයට හැත්තැ පහකට වැඩි භුමි ප්‍රමාණයක් යුද හමුදාව අත්පත්කරගෙන සිටින බවටයි.

මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මිහිදන් කර තිබෙන භුමිය මත යුද හමුදාව ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කරන බවට චෝදනා කරන ඥාතීන් පසුගිය වසර කිහිපය තුලදීම ඉල්ලා සිටියේ තේරාවිල් සුසාන භුමිය සමීපයේ ස්ථාපිත කර තිබෙන යුද හමුදා කඳවුර වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි.
Mahawiru2 .2023.11.07
 

          

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්