ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇගිලි ගැසීම් සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.

මීට අදාළ නිවේදනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තව සුළු මොහොතකින් නිකුත් කිරීමට නියමිතබව වර්තා වේ.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය සහ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

දිගින් දිගටම එහි ස්වාධීනත්වයට සිදුවූ බාධාවන් සහ දේශපාලන අත පෙවීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට අනුව පටහැනී බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ඉදිරියේ කටයුතු කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව දැනට පත්ව සිටින ක්‍රිකට් පරිපාලන කණ්ඩායම සමඟ පමණක් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අත්හිටුවීමේ කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇතැයි දැනුම් දී ඇත.

 

දේශපාලන වාසි තකා සිදු කරන ක්‍රියාමාර්ග වලින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවූ වුවහොත් එහි වගකීම පාර්ලිමේන්තුව භාරගත යුතු බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදි පැවසීය.

 

සබැඳි පුවත

ක්‍රිකට් තහනම් වුනොත් පාර්ලිමේන්තුව වගකිව යුතුයි - ඇමති කාංචන

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්