විපක්ෂයේද එකඟත්වය ඇතිව නියමිත දිනයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අගමැති

මහින්ද රාජපක්ෂ සිය පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය විමසා ඇතැයි අමාත්‍ය විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වාගෙන යන 'ලංකා ලීඩ්නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් තමන්ට විපක්ෂයෙන් යෝජනාවක්ද ලැබී ඇති බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් බහුතරයක් කැමති වන්නේ නම් ලබන මාර්තු 01දාට පෙර මැතිසබා යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව අගමැතිවරයා පාර්ලිමේන්තු කණ්ඩායමට දන්වා ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

අගමැතිවරයාගේ අදහස් විමසීමෙන් පසු මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකුද ඒ ගැන අදහස් දක්වා ඇති අතර එහිදී පළවී තිබෙන්නේ මිශ්‍ර මතයක් බවත්  මේ ගැන රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කොට ඉදිරි දින කිහිපය තුළ අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවත්  එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

පාර්ලිමේන්තුව විසිරුවා, එළඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද අවධාරණය කර සිටියි. ගම්පහදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසිය.

 

මහ මැතිවරණය අප්‍රේල් 25 !

කෙසේවුවද ආණ්ඩුවේ 'සිළුමිණ' සති අන්ත පුවත්පත වාර්තා කර ඇත්තේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ බලය මාර්තු මස 02 දිනෙන් පසුව හිමි වන බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පවත්වනු ඇති බවයි.

එසේ, මහ මැතිවරණ ඡන්ද විමසීම අප්‍රේල් 25දා සිදුකිරීමට ආණ්ඩුව සැලසුම්කර ඇත්තේ, පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට වසරක් සපිරෙන අප්‍රේල් 21දා ඒ පිළිබඳව ආණ්ඩුවට වාසිදායක මතවාදයක් ගොඩනගමින් එහි වාසියද මැතිවරණයට යොදා ගැනීමටය.

Image result for පාස්කුමෙවර මහ මැතිවරණයට ද පාස්කු ඉරිදා සිදුවූ අන්තවාදී ප්‍රහාරය 'මාර්කට්' කිරීමේ සුදානමක්...

 

අනතුරක සේයාවක් !Text 9 1

එහෙත් සිංහල- හින්දු අලුත් අවුරුද්දට පෙර මහ මැතිවරණයට යාම ආණ්ඩුවට වාසිදායක විය හැකි බව ආණ්ඩුවේ මුල්‍ය විශේෂඥයින් කිහිප දෙනෙකු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට පෙන්වා දී ඇත.

මෙවර අවුරුදු සමයේ අත්‍යවශ්‍යය බඩු මිල පවා ඉහල යාහැකි බවත්, අවුරුදු අත්තිකාරම් මුදල් පවා ගෙවා ගත නොහැකි තරමට ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වියහැකි බවත්, එවැනි තත්වයක් තුළ සාමාන්‍ය ජනතාවට මෙදා අවුරුදු එතරම් යහපත්විය නොහැකි බැවින් ඉන් දින කිහිපයකින් මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවටත් එම මුල්‍ය විශේෂඥයින් අගමැතිවරයාට පැහැදිලි කර ඇත. 

සිංහල -හින්දු අලුත් අවුරුද්දට පෙර මහ මැතිවරණයක් කැඳවීමට ව්‍යවස්ථානුකුල හැකියාවක් නොමැති නම්, මහ මැතිවරණය අගෝස්තු මාසය දක්වා කල් දමන්නැයි ද ඔවුන් අගමැතිවරයාට යෝජනා කර තිබේ.

මේ අනුව වත්මන් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර අප්‍රේල් අලුත් අවුරුද්දට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අගමැතිවරයා විපක්ෂයේ සහය ලබා ගැනීමට උත්සහ කලද එජාප නායකත්වය එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්