මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එහි සිර සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු එහි රඳවා සිටි සෙසු

රැදවියන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇති බව පොලිසිය කියයි.

 

සැකකරු මඩකළපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී රෝගාතුරවී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 

මෙම මරණය සම්බන්ධයෙන් ඊයේ (30) පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී, මොට ආයුධ වලින් පහර දීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු වු බව පොලිසිය පවසයි.

 

මෙම සැකකරු ඉකුත් (27) දින මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිසියේ මැදිරියේ රඳවා සිටියදී, එම සිර සිරමැදිරියේ රඳවා සිටි තවත් රැඳවියන් පිරිසක් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව පොලිසිය පවසයි.

(lankadeepa.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්