ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපති නිකුත්කරන ලද වාර්තා පදනම් කරගනිමින් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ

(කෝප්) විමර්ශන සිදු කරන අතරතුර එම කාරක සභාවේ සභාපති දැක් වූ නොගැලපෙන හැසිරීම් නිසා කතානායක විසින් අත්හිටුවන ලද එම කාරක සභාවේ කටයුතු එතැන් සිට සිදු කරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රශ්න කරයි.

අද (01) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ මෙම ප්‍රශ්න කිරීම සිදු කළ අතර කෝප් සභාවේ කටයුතු අත්හිටුවීමෙන් පසුව කතානායක තවත් නියෝගයක් ලබා දෙමින් ක්‍රිකට් ආයතනය පිළිබඳව කෝප් සභාවේ විමර්ශන සිදු කරණ අවස්ථාවල වත්මන් සභාපති එහි මුලසුන නොදැරිය යුතු බව ප්‍රකාශ කර ඇතැයි පෙන්වා දුන්නේය. 

අයවැය විවාදය පවතින මෙම කාලපරිච්චේදයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අමතරව රාජ්‍ය ආයතන ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට නියමිතව තිබියදී මෙම අත්හිටුවිම කර ඇති බව මන්ත්‍රී අනුර දිසානායක වැඩිදුරටත් පැවසිය.

 

කෝප් කාරක සභාවේ කටයුතු ව්‍යාකූලත්වයට ඇදදැමීමේ අරමුණෙන්ම මෙවැනි ක්‍රියාමාර්ග අනුගමණය කළේදැයි සාධාරණ සැකයක් මතුවන බවත් මෙහිදී අනුර දිසානායක අවධාරණය කළේය. 

 

මෙම අවස්ථාවේ මැදිහත් වූ කතානායක තාවකාලික සභාපතිවරයෙක් යටතේ කටයුතු කළ හැකි බව පැවසූවද ස්ථාවර නියෝග අනුව සභාපතිවරයෙක් සිටින අවස්ථාවක එසේ තාවකාලික සභාපතිවරයෙකු පත් කළ නොහැකි බව පෙන්වා දුන්නේය. තාවකාලික සභාපතිවරයෙකු පත් කළ හැක්කේ කෝප් කාරක සභාව ආරම්භ කරන අවස්ථාවේදි බවත් එහි සභාපතිවරයෙකු සිටින අවස්ථාවක එවැන්නක් කළ නොහැකි බවත් මන්ත්‍රී අනුර දිසානායක වැඩිදුරටත් හෙළි කළේය.

මෙම තත්වය මත කෝප්කමිටුවේ වත්මන් සභාපති සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුව කුමක්දැයි කතානායක දැනුම් දියයුතු බවත් කතානායකගේ මූලිකත්වයෙන් කොප් සභාව කැඳවා තිරණයකට එළඹිය යුතු බවත් අවධාරණය කළේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image