ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදී දිනෙත් කුමාර අත්අඩංගුවට ගැනීම පොලීසිය සීමාව ඉක්මවා

ක්‍රියාකිරීමක් බව 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරය' අවධාරණය කර සිටියි.

'නිදහස් මාධ්‍ය ව්‍යාපාරය' කැඳවුම්කරු, හනා ඊබ්‍රහීම් සහ ලේකම් ලසන්ත ද සිල්වා විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

ජාතික රූපවාහිනියේ කුරුණැගල දිස්ත්‍රික් වාර්තාකරු මාධ්‍යවේදී දිනෙත් කුමාර අත්අඩංගුවට ගැනීමේ සිදුවීම විමර්ශනය කිරීමේදී පොලීසිය බලය අයුතු ලෙස භාවිත කරමින්, සීමාව ඉක්මවා කටයුතු කර ඇති ආකාරය අනාවරණය වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

2023. 11. 30 දින පෙරවරුවේ සිය මාධ්‍ය වාර්තාකරණ කටයුත්තකට අදාළව බිංගිරිය පොලිස් ස්ථානයෙන් පිටත දී රූපරාමු ලබාගනිමින් සිටි අතර තමන්ට අවමන් සහගත ලෙස බැණ වැදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය තුළදී පහරදුන් බවත් මාධ්‍යවේදී දිනෙත් කුමාර පවසයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කළ විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ, තමන් පළ කළ පුවතකට අදාළව තොරතුරු ලබා දුන් පිරිසක් එම පුවතේ ඉලක්කගත පාර්ශවයේ පැමිණිල්ලක් මත පොලීසියට කැඳවීම නිසා එය වාර්තා කරන්නට තමන් එහි ගිය බවයි.


නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතය වන්නේ කිසියම් ප්‍රවෘත්තියකට අදාළව තොරතුරු සැපයූ පාර්ශවයක් පැමිණිලි විභාගයක් සඳහා කැඳවීමට පොලීසියට බලයක් නොමැති අතර එය අධිකරණයේදී විසඳාගතයුතු කටයුත්තක් බවයි. එසේ තිබියදී මාධ්‍යවේදී දිනෙත් කුමාරගේ වෘත්තීය කාර්යයට බාධා කරමින් අවමන්සහගත ලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇඟිලි සළකුණුද ලබා ගනිමින් පොලීසිය කටයුතු කළ ආකාරය දෝෂසහගතය.


මේ වන විට හෙට්ටිපොල මහේස්ත්‍රාත්තුමන් මාධ්‍යවේදී දිනෙත් කුමාර ඇප මත මුදා හැර ඇති අතර විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කාර්යභාරයට බාධා කිරීමට පොලීසියට හැකියාවක් හෝ අවසරයක් නොමැති බවය.

ඒ අනුව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස් කොමිසම සහ අනෙකුත් වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින්නේ සිදුවීම පිළිබඳ කඩිනමින් විමර්ශනය ක් සිදු කොට මාධ්‍යවේදියාට සිදු වූ අයුක්තිසහගත සැළකීමට එරෙහිව නිසි පියවරක් ගන්නා අතර ඉදිරියේදී මෙවැනි ක්‍රියා සිදු නොකරන මෙන් පොලීස්පතිවරයා ප්‍රමුඛ පොලිස් දෙපාරතමේන්තුවට අවශ්‍ය උපදෙස් සහ නියෝග නිකුත් කරන ලෙසයි.
sdfw3453

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්