ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් ඩුබායිහි දී ඊයේ (01) සිදු විය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඩුබායි වෙත ගොස් සිටින අතරවාරයේ මෙම හමුව සිදුව තිබේ.


'පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපතිගෙන් යෝජනාවක්


මෙම සියවසේ අවසානය වන විට අප ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් ඉහළ යාමේ අර්බුදයට මුහුණ දෙන බවත්, එය 2023 වසරේදී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි වාර්තාව තුළ "කඩවුණු පොරොන්දු" ලෙස දක්වමින් අනතුරු අඟවා ඇති බවත් ඩුබායි හී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (CoP28) අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදය පාලනය කිරීම සඳහා පවතින රාමුවෙන් පිටත සිතිය යුතු බවත්, ඒ සඳහා මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 44%ක ප්‍රමාණයක් ආවරණය කරමින් රටවල් 134කින් යුතු, ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ නිවර්තන කලාපය තුළ පුර්ජනනීය බලශක්තිය ඇතුළු ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරමින් කඩිනම් ඵලදායී විසඳුම් සෙවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

තවද, නිවර්තන කලාපීය මුලපිරීමක් වෙනුවෙන් වාර්තා කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කිරීමේ සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්