පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර දෙදෙනාගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව කළ නිර්දේශය වැඩි ඡන්ද 56 කින් පාර්ලිමේන්තුවේදී අද (02) පෙරවරුවේ සම්මත විය.


එම නිර්දේශයට පක්ෂව ඡන්ද 57 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

විරුද්ධව ඡන්දය ලබා ලබාදුන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් ය.

මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මෙසේ ඡන්දය දීමෙන් වැළකී සිටියේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය විදුර වික්‍රමනායක සහ චින්තක අමල් යන තිදෙනාය.

ඡන්දය විමසන අවස්ථාවේදී සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු පිටව  ගියහ

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image