මාලිමාවේ පාලනයක් යටතේ පැරණි රුසියාවේ මෙන් පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා නොගන්නා බවත්,

මානව සම්පතේ කොටසක් වන ව්‍යාපාරිකයන් ජනතාවට අවශ්‍ය ප්‍රතිලාභ ලබා දෙන්නන් සහ ඉල්ක්ක කරා මෙහෙයවන්නන් ලෙස ක්‍රියා කිරීමට අදාල පසුබිම සකසන ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී ලාල්කාන්ත අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ යූටියුබ් නාලිකාවක් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදීය.

එහිදී ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ පැවසිය.



“මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර අපි රජයට පවර ගන්නේ නැහැ. පරණ රුසියන් මොඩ්ල් එක ඔළුවෙ තියාගෙන ඉන්න අය කියන කතා අපට වලංගු නැහැ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට, බෙදාහැරීමට ඒ මහා පරිමාණ ව්‍යාපාරිකයන් අපට අවශ්‍යයි. ඒ ඒ අයගේ මැදිහත් වීමට ඒ ඒ අයගේ කොටස ලබා දෙමින් මේ සියල්ල එකතු කර ගෙන ගහන ගේමක් තියෙන්නේ. පරණ ඒවා ඔළුවෙ තියා ගෙන අපි වැඩ කරන්නේ නැහැ. දැන් ඉන්න කවුරුත් අපි අත්හරින්නේ නැහැ.


වෙළඳ මාෆියාව නැති කරන්න මැදිහත් වෙන්නේ පෞද්ගලික අංශයේම ඉන්න තරගකාරීන් යොදා ගනිමින්. ජනතාවට අවශ්‍ය ප්‍රතිලාභ ලබා දෙන්න ඒ ඉලක්ක කරා ඔවුන්ව මෙහෙයවන කටයුතු අපේ රජයකින් සිදු කරනවා. රටේ මානව සම්පත බාධාවකින් තොරව ඉදිරියට යන්න ඉඩ හදලා දෙන්න ඕනෑ. මානව සම්පත්වලට ව්‍යාපාරිකයෝත් අදාළයි. දැන් තිබෙන දේශපාලන බල තරඟයෙන් ගොඩනගා තිබෙන වෛරය ව්‍යාපාරිකයන් අප කෙරෙහි දුරස් කරන්නත් යොදා ගෙන තිබෙනවා. අපි බලය ගත්තාට පස්සේ මේ දේශපාලන වෛරය අවසන් කර පලි ගැනීම් නවත්වනවා. ජනතා ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් සුභවාදී බලාපොරොත්තුවක් අපට තිබෙනවා. ආණ්ඩු බලය සහ රාජ්‍ය බලය ජනතාව අපට ලබා දුන් පසු තම තමන්ගේ කැපවීමේ ප්‍රමාණයට තම තමන්ට ප්‍රතිලාභ ලැබෙන ජයග්‍රහණයෙන් කරා රටම මෙහෙයවනවා.”

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්