නව සන්ධානයේ මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් එළඹෙන ජනවාරියේ එළිදකින නව දේශපාලන සන්ධානයේ

කටයුතු මේ දිනවල ඉතා යුහුසුලුව සිදු වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම සන්ධානයේ මූලික සංවිධාන කටයුතු ලෙස, එහි හවුල්කාරී පක්ෂ ලෙස එක් වන සියලු දේශපාලන සංවිධාන සමග සාකච්ඡා පවත්වා ඇති බව වාර්තාවේ. 

මේ වන විට එම සන්ධානය සඳහා වන මැතිවරණ ලකුණ ද තෝරා අවසන් අතර, ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑ ම මැතිවරණයක දී ප්‍රබල දේශපාලන දේශපාලන ධාරාවන් කිහිපයක් ම කැමැත්ත පළකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පැවසිය. 

පොහොට්ටුවේ තවත් වෘත්තීය සමිති පලුවක් ගැලවෙයි

මේ අතර දැනට පොහොට්ටුවට සම්බන්ධ වෘත්තීය සමිති 37ක් නව සන්ධානය සමඟ එක්ව කටයුතු කරමින් තිබීම ද විශේෂත්වයකි. 

පොදුජන පෙරමුණේ ප්‍රධාන අනුබද්ධ සංවිධානයක් වන පොදුජන උපාධිධාරී සංගමය නව සංධානය සමග එක්ව ඇත. 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති කරවීම සඳහා විශාල වැඩකොටසක් එවකට කලේද මෙම සංවිධානයයි.

එහිදී ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූවේ උපාධිධාරීන් 60000 කට රැකියා ලබාදීම වන අතර එම ඉල්ලීම ලබා ගැනීමේදි සමස්ත උපාධිධාරීන්ට නායකත්වය ලබා දුන්නේ ද මෙම පොදුජන උපාධිධාරි සංගමය බව එහි සභාපති උපතිස්ස කුමාරතුංග පැවසිය. 

එහි පළමු ආසන සම්බන්ධීකරණ නියෝජිත හමුව පසුගියදා අනුර ප්‍රියදර්ශන යාපා ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image