වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් හැත්තෑ හත් දහස් 487 ක්

වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

මෙම භයානක ඩෙංගු තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම අමාත්‍යාංශ කිහිපයක් බලමුලු ගන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව රට තුළ ඩෙංගු සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට (Zero-Dengue initiative) තීරණය කර ඵලදායී උපාය මාර්ග සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා හෙට (05) දිනයේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

සෞඛ්‍ය, අධ්‍යාපන, සංචාරක අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂඥ වෛද්‍යවරුන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ පූර්ණ සහයෝගය ඇතිව මෙම කාර්යයට මූලිකත්වය දෙනු ඇත.

 මෙම අමාත්‍යාංශ යටතට පත්වන අදාළ ආයතනවල ඒකාබද්ධ ප්‍රයත්නයන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස සම්පත් භාවිතයට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර පරිදි ජනාධිපතිවරයා විසින් මෙම මෙහෙයුමට අදාළ සම්බන්ධිකරන කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක වෙත පවරා ඇත.

කොළඹ නගරයේ බරපතල ඩෙංගු තර්ජනයක් !

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගර සභා බලප්‍රදේශය තුළින් වාර්තා වී ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසයි.

මේවන විට පවතින මෝසම් වැසි සමඟ මෙම තත්ත්වය වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ඔහු සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

'' කොළඹ නගරය තුළ දැනට ඩෙංගු යැයි සැකකෙරෙන රෝගීන් 3,465ක් වාර්තා වෙලා තියෙනවා. ඉන් 80%ක් පමණ ඩෙංගු බවට තහවුරු වෙලා තියෙනවා. අපි දන්නවා දෙසැම්බර් මාසයේ දී එය වැඩිවෙන්න පුළුවන්. මේ වනවිට නැවත වරක් අක්‍රමවත් ලෙස මෝසම් වැසි සක්‍රීය වීමක් අපි දකිනවා. කීට සමීක්ෂණවලින් අපිට 7.1ක් විතරයි නිවෙස්වල පොසිටිව් කෙන්ටේනර්ස් දකින්න පුළුවන්. ඒ වගේම වැඩිම ප්‍රමාණයක් රාජ්‍ය ආයතනවල 60%ක් පමණ. ඒ වගේම ඉදිකිරීම් කේෂ්ත්‍රයේ 80%ක් වගේ. මේවා අනුව අපිට ගොඩක් දුරට පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා.''

සබැඳි ලිපියක් :
අවධානයෙන් ඉන්න - බරපතල ඩෙංගු අවධානමක්
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්