ලබන වසරේ පවතින දේශපාලන තත්ත්වය සලකා තම දේශපාලන අනාගතය පිළිබඳ තීරණයක් ගන්නා බව
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ කිසිදු අදහසක් නොමැති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළේ 'නෙත් නිවුස් රතු කට්ට' විශේෂාංගයට එක් වෙමිනි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනය ඊයේ (15) පස්වරුවේ පැවැත්වින.
එහිදී පක්ෂයේ නායකයා ලෙස හිටපු ජනාධිපතිවරයාගේ නම සම්මත කර ගැණින.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට අලුතින් පත් වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වූ පළමු සාකච්ඡාව මෙයයි.