මතභේදාත්මක ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
සැකපිට රිමාන්ඩ් කර සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 06 දෙනා අද (27) යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඒ, මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී අධිකරණය නියෝග කළේ සැකකරුවන් ජනවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ අමාත්‍යවරයාගේ නිල නිවසේදී ප්‍රකාශ සටහන් කරගනු ලැබිය.
සබැඳි පුවත් :
CID ප්‍රශ්න කිරීම ගැන කෙහෙළියගෙන් නිවේදනයක්