ශ්‍රී ලංකා යුද හමුදාපතිට එක්සත් ජනපද ආණ්ඩුවෙන් තහංචි පැනවීමේ මීළඟ දිගුව, යුධමය ක්ෂේත්‍රයේ පුහුණුවීම් හා තාක්ෂණික දැනුම සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහය අත්හිටුවීමේ තීන්දුවක් විය හැකි බව තානාපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. 

බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා ලබා සිටින ශවේන්ද්‍ර සිල්වා විසින් මෙහෙයවන හමුදාවකට සහය නොදෙන බව සඳහන් කරමින් ඉදිරියේදී එසේ ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලකළ හැකි බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි,

 ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, විදේශ මෙහෙයුම් සහ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (c) වගන්තිය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට තහංචි පනවා ඇත්තේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියර වූ 2009 දී යුද හමුදාවේ 58 වැනි සේනාංකය විසින් නඩු නැති ඝාතන ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයේ යෙදීම සඳහා ඔහු විසින් විධාන වගකීම දැරූ බවට චෝදනා ඉදිරිපත් කරමිනි.

මෙය ආරක්ෂක හමුදා සමග ගනුදෙනු කිරීමේදී අනිකුත් ආණ්ඩු සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන වෙත කරන ලද පුර්ව සංඥාවක් ලෙස ද සැලකිය හැක.  
ඇමෙරිකානු තානාපතිනිය කැඳවා විරෝධය පළ කරයි

කෙසේවුවද ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකා  තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසන්නේ, ශ්‍රී ලංකා රජය සමග පවත්වා ගෙන යනු ලබන ආරක්ෂක හා අනෙක් සියලු ද්විපාර්ශික සබදතා බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ඇමෙරිකාව හැමවිටම අපේක්ෂා කරන බවයි.

ඇය එබව සඳහන් කර ඇත්තේ, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද හමුවූ අවස්ථාවේදීය.

image 149cdfc366
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඇමෙරිකාවේ සංචාරය කිරීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පැනවූ  තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකා  තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අද (16) කැඳවා ශ්‍රී ලංකා රජයේ විරෝධය පළ කිරීමට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කටයුතු කළේය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කළ හදිසි කැඳවීමකට අනුව විදේශ සබඳතා අමාත්‍යාංශයට පැමිණි අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පැයකට ආසන්න කාලයක් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවත්  ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකාව ගත් මෙම තීරණය සම්බන්ධයෙන් රජය දැඩි විරෝධය පල කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇමෙරිකා තානාපතිනිය හමුවේ පවසා ඇති බවත් එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කර සිටී.

විශේෂයෙන්ම රටේ විධායක බලය හොබවන ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පත් කිරිම් සම්බන්ධයෙන් විදේශ රාජ්‍යයක් මේ අයුරින් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් දැඩි ගැටළු සහගත තත්ත්වයක් බවත්,  මෙය ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාවයට අනවශ්‍ය ආකාරයේ තත්ත්වයක් ඇති කරන බවද විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී තානාපතිනියට පෙන්වා දී ඇතැයි විදේශ අමාත්‍යාංශය ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සි⁣ටී.

යුධ හමුදාපතිවරයාට එරෙහිව නගා තිබෙන චෝදනා වලට හේතු පාදක කර ගෙන තිබෙන කරුණු සම්බන්ධයෙන් නැවතත් විමසා බලන ලෙස මෙහිදී විදේශ සබදතා අමාත්‍යවරයා ඇමෙරිකා තානාපතිවරියට දන්වා ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

අමාත්‍යවරයා ගේ එම කරුණු දැක්වීමෙන් පසු තානාපතිනිය සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ මෙම විරෝධය සම්බන්ධයෙන් වොෂින්ටනයට කරුණු පැහැදිලි කිරීමක් කිරීමට තමන් කටයුතු කරන Savendra textබවය.
එසේම ශ්‍රී ලංකා රජය සමග පවත්වා ගෙන යනු ලබන ආරක්ෂක හා අනෙක් සියලු ද්විපාර්ශික සබදතා බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ඇමෙරිකාව හැමවිටම  අපේක්ෂා කරන බවද තානාපතිනිය වැඩිදුරටත් අමාත්‍යවරයාට කරුණු දක්වා ඇත.

මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක වන සමයේ මානව හිමිකම් කඩකර ඇති බවට පිළිගත හැකි කරුණු ලැබී ඇතැයි කියමින් ශ්‍රී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉකුත් සිකුරාදා නිවේදනය කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් විදේශ සබදතා අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබුවේ  අමෙරිකාවේ අදාළ තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විරෝධය පළ කරන බවයි. 

එලෙස ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකාව විසින් එම තීරණටය ගෙන ඇති බවත් තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර අදාල තීරණය සමාලෝචනය කරන ලෙසත් විදේශ සබඳතා අමාත්‍යාංශය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණි. 

මීට මාස කිහිපයකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කරනු ලැබු අවස්ථාවෙදීද එක්සත් ජාතීන් ගේ සංවිධානයේ සාම සාධක දෙපාර්තමේන්තුවෙන් දැඩි විරෝධයක් එල්ල කර අතර එවකට පැවති රජයද ⁣ කියා සිටියේ එම පත් කිරීම ලංකාවේ ස්වෛරී අයිතියක් බවය.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්