ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඉදිරි මැතිවරණයට 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' නමින් තරග කිරීමට තීරණය කර තිබේ.

නව සන්ධානය පිහිටුවීම සඳහා වන අයදුම්පතක් මැතිවරණ කොමිසන් සභාව වෙත අද (17) ඉදිරිපත් කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ පැවසිය.

එම සන්ධානයේ නායකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව)  නායක අගමැති මහින්ද රාජපක්ෂ නම් කර ඇති අතර එහි සභාපති ලෙස ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නම් කර ඇති බවත් සාගර කාරියවසම් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය වන්නේ 'පොහොට්ටුව' ලකුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

නව සන්ධානයේ සෙසු නිලතලයන් සඳහා පහත දේශපාලන නායකයින් පත්කර තිබේ.

පක්ෂයේ ලේකම් – බැසිල් රාජපක්ෂ
පක්ෂයේ නියෝජ්‍ය සභාපති – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
පක්ෂයේ නියෝජ්‍ය ලේකම් – අමාත්‍ය මහින්ද අමරවීර
පක්ෂයේ ජාතික සංවිධායකවරුන් ලෙස – අමාත්‍ය දයාසිරි ජයසේකර හා විමල් වීරවංශ
පක්ෂයේ උපලේකම් – උදය ගම්මන්පිල
පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස – තිස්ස විතාරණ, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා ඩිව්. ගුණසේකර.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10ක් 'පොහොට්ටුව' ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා නව සන්ධානයෙන් තරග වැදීමට නියමිතය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්