ලාංකීය දේශපාලකයා ගැන විවිධ පාර්ශව විසින්, විවිධ අර්ථකථන දෙමින් පවතී. ඒ අතරින් ජනප්‍රියම මතවාදයව ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම ප්‍රතික්ෂේප කල යුතු බවට වන මතයයි. එසේම අළුත්  මුහුණු පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවත්, ඔවුන් විද්වතුන් විය යුතු බවටත් අදහසක් තරුණ පරපුර අතර ප්‍රචලිතව පවතී. 

පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේ මෙවැනි කථිකාවක අවශ්‍යතාවය මතුව ඇත. දේශපාලන උඨෘත පාඨ සහ  මැතිවරණ ප්‍රචාරණ සැලසුම් නිර්මාණය කිරීමේ ප්‍රවීනයෙක් වන සමන් ආර් සිල්වා විසින් ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය කථිකාවක්  මිලේනියම් පොලිටික්ස් හෙවත් සහශ්‍රයේ දේශපාලනය (MP) නමින් එලිදක්වා ඇත. 

එහි ප්‍රථම වැඩසටහන ලෙස කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සමග සංවාද වැඩසටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකිය. 

ලංකාවේ ප්‍රකට වූ දේශපාලන උඨෘත පාඨ වන "මහින්ද චින්තන", ගරු රනිල්, බල පෙරළියට-කොළ එලිය, මෛත්‍රී වේවා!,  එක මිටට-හරි අතට,  තීන්දුව හරි අතට ඇතුළු තවත් ප්‍රචාරණ සැලසුම් රැසකම නිර්මාණ ශිල්පියා වන්නේ සමන් ආර් සිල්වාය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්