පවතින අවදානම සළකා දරුවන්ට අතිරේක සරම්ප එන්නතක් ලබා දීම අද (06) සිට දිස්ත්‍රික්ක 04 ක විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
ඔහු සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය අතිරේක සරම්ප මාත්‍රාවක් ලබා දීම අනුමත කර ඇති බවයි.
මෙම අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වනු ඇත.
එහි පළමු අදියර සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර හා යාපනය ඇතුළු දිස්ත්‍රික්ක නවයක, මාස 6-9 අතර කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් ජනවාරි 6 වැනිදා සිට ඇරඹෙයි.
මෙහි දෙවන අදියර ජනවාරි මස 20 වැනිදා සිට රට පුරා සිටින අනෙකුත් වයස් කාණ්ඩවල දරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව අද දිනයේ සායන 1,600කදී මෙම එන්නත් ලබා දීම සිදු වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්තවලට අනුව මෙම වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 700ක් වාර්තා වී ඇත.
සරම්ප එන්නත් ලබාගැනීමට සුදුසුකම් සපුරා නොමැති වයස් කාණ්ඩය වන මාස 09ට අඩු දරුවන් අතර එම රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් උද්ගතවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේ රෝගීන්ගෙන් 33%ක් මිත්‍යා විශ්වාස මත සරම්ප එන්නත ලබානොගන්නා වයස් කාණ්ඩවලට අයත් වුවන් බවයි.
යුනිසෙෆ් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය
රටේ සරම්ප රෝගය පැතිරයාම පාලනය කිරීමේ අරමුණින්, අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා UNICEF සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා දීමට ඉදිරිපත් වී ඇත.
වැඩසටහන පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් පැවසුවේ, රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සුදුසු පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙසේ ක්‍රියාවට නංවන්නේ බැරෑරුම් තත්ත්වය පිටුදැකීම සඳහා බවයි.
සබැඳි ලිපි :
සරම්ප පැතිරීම වේගවත් - ඔබේ දරුවාත් ආරක්‍ෂිත ද?