පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (9) පෙරවරු 8.00 සිට සේවාවලින් ඉවත්ව සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය

වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමදේශ් පැවසීය.

ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත්, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සඳහා ද රුපියල් 35000 ක දීමනාවක් ලබා ගැනීම වර්ජනයේ ප්‍රධාන අරමුණ බවත් ඔහු කියා සිටියේය.

අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිලධාරීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා රුපියල් 35000 ක දීමනාවක් ලබාදීමට ගත් තීරණය පිළිබඳව ඉතාමත් සතුටු වෙන නමුත්, එම යුක්තිය සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණ ලෙස ඉටු කිරීමට අමත්‍ය මණ්ඩලය අපොහොසත් වීම පිළිබඳව අතිශයින්ම කණගාටු වන බවත් ඒ ඔහු සඳහන් කළේය.

ඒ අනූව, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමේදී පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට එරෙහිව මෙම සංකේත වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කල බව කණගාටුවෙන් දැනුම් දෙන බවද රවී කුමදේශ් කීය.

තවද, මේ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් සාධාරණය ඉටු කිරීමට කඩනමින් කටයුතු නොකරන්නේ නම් සමස්ත සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒකාබද්ධ කර ගනිමින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වෛද්‍යවරුන්ට, සරසවි ඇදුරන්ට සහනයක්


වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance - DAT) රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය කෙරිණි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්